කොළඹ
රාජකීය මාවතේ අද උදෑසන සිදුවු පොලිස් වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු වන
හිරාන් දර්ශන නොහොත් කළු චූටි නමැත්තා ජිවිතක්‍ෂයට පත්වුණා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයා අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි අයෙකු බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා.
" අද උදෑසන පොලිස් වෙඩි තැබීමකින් හිරාන් දර්ශන ගුණවර්ධන නොහොත් කළු චූටි නැමැත්තා මියගොස් තිබෙනවා... මොහු පසුගිය කාලයේ කොන්නනාව සිංහපුර ප‍්‍රදේශයේ සිදු වූ මනුෂ්්‍ය ඝාතන කිහිපයකටම සම්බන්ධ සැකකරුවෙක් බවට අනාරවණය වී තිබෙනවා...
මොහු විසින් පසුගිය අගෝස්තු 17 වෙනිදා සිදු කරන ලද වෙඩි තැබීමකින් පාසල් සිසුවෙක් තුවාල ලැබුවා.. ඊට අමතරව මෙහු මිනී මැරුම් 3 කට සම්බන්ධ බව තොරතුරු ලැබී තිබෙනවා... එමෙන්ම ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවටයි හැදින් වෙන්නේ... "
http://nethfm.com















































