Saturday, September 27, 2014

ජයලලිතා වසර හතරකට හිරේ

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇයට වසර 4 ක සිර දඬුවමක් බැංගලෝර්හී විශේෂ අධිකරණයක් මගින් නියම කෙරුණි. 

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයට ඇය 1991 වසරේදී පළමුවරට පත්වීමේදී පැවති ඉන්දීය රූපියල් කෝටි 03ක වත්කම් ප්‍රමාණය වසර 05ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 66 ක් දක්වා ඉහළ ගිය ආකාරය සම්බන්ධයෙන් එම නඩුවෙන් අභියෝගයට ලක් කර තිබුනේ ප්‍රතිවාදී තමිල්නාඩු දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ පක්ෂය විසිනි. 

වසර 18කට පමණ පෙර, ගොනු කරන ලද දූෂණ ‍චෝදනා නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශ කිරීමත් සමග ජයලලිතාගේ පක්ෂයත් DMK පක්ෂයේ ආධාර කරුවනුත් අතර මේවනවිට උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.

ජයලලිතාගේ නඩු තීන්දුව සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු 


  • ජයලලිතා චෙන්නායි සිට බැන්ගලෝර් දක්වා අද දිනයේ නඩු ඇසීමට පැමිණ ඇති අතර නඩු තීන්දුවෙන් අනතුරුව බැංගලෝර් හි මධ්‍යම සිපිරිගෙට ගෙන යාමට සූදානම් වුවත් රෝහල් ගත කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
  • වසර 18 කට පෙර මෙම නඩුව පවරනු ලැබුවේ මේවනවිට භාරතීය ජනතා පක්ෂයේ නායකයා වන සුබ්‍රමනියම් සාමි විසිනි.
  • DMK පක්ෂය බලයට පත්වීමත් සමග එම නඩුව ඇසීම ඉක්මන්කොට ඇති අතර ඒ අනුව ජයලලිතාගේ සහයිකාව වන සසිකලා නටරාජන් හටද දඬුවම් ලැබී ඇත. 
  • DMK පක්ෂයේ අධාරකරුවන් හා ජයලලිතාගේ පක්ෂයේ ආධාරකරුවන් අතර මේවනවිටත් දරුණු ගැටුම් හටගෙන තිබේ.
  • 1991 වසරේ සිට 1996 දක්වා පළමු මහා ඇමතිනිය ලෙස කටයුතු කරන ලද කාලයේ යතා ලෙස එක්රැස් කරන ලද ධනය පිළිබඳව මෙම නඩුවෙන් චෝදනා නගා තිබුණි. 
  • මහ ඇමතිනිය ලෙස පත්වූ යුගයේ (1991) ඇය වේතනය ඉන්දියානු රුපියලක් වුවත් අවරුදු හයක් තුල කෝටි 66 ක් උපයා තිබීම පිලිබඳ ඇයට චෝදනා එල්ලව තිබුණි.
  • අක්කර 2000 ක ඉඩමක් , කිලෝ 30 ක රත්තරන්, සාරි 12,000 ක් අනිසිව උපයාගත් වත්කම් අතර වේ. 
  • ජයලලිතා විසින් මෙම නඩුවේදී ප්‍රකාශ කොට තිබුනේ මෙය තමාගේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් එල්ලකරන චෝදනාවක් ලෙසය. 
http://www.gossipbook.lk