
එය කෙතරම් දුරදිග ගියේද කිවහොත් සෙල්වා රෝහල්ගත වීමටත් තිලිනි ඉමල්කා හට පොලිසිය හමුවට යාමටත් සිදුවිය.
වාරියපොළ සිදුවීම යටපත් කරමින් ඊයේ දින රාත්‍රියේ ෆේස්බුක් වෙත එක්වූ වීඩියෝවක් මේවනවිට නැවතත් අන්තර්ජාලයේ පැතිරී ගොස් (viral) තිබේ.
එම වීඩියෝවෙන් රත්නපුර බස්නැවතුම්පල ඉදිරිපිට සිටින පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පරුෂ වචනයෙන් බැන වදිමින් බිමදමාගෙන පහරදෙන ආකාරය දැක්වේ. අප කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම කාන්තාව ලොව පැරණිම වෘතියක් ජීවිකාව කරගෙන ජීවත් වන්නියක් බවයි.
අප එය මෙහිදී ස්ථිර ලෙස වාර්තා නොකරනුයේ ඇයගේ නම් ගම් ආදී විස්තර තවමත් අප වෙත ලැබී නොමැති හෙයිනි. එම කාන්තාවත් පොලිසියේ නිලධාරියාත් අතර ඇතිවූ සංවාදයක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුවී ඇත.
මේ සම්බන්ධව පොලිස් මාධ්‍යය ප්රකාශකවරයාද තවම දැනුවත් නැති අතර ඉදිරියේදී සොයා බලා එම පොලිස් නිලධාරියා පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. http://www.gossipbook.lk