Saturday, August 23, 2014
අයිස් බකට් කෙළියේ අලුත්ම තොරතුරු
ශනුද්‍රි ප්‍රියසාද් අයිස් බකට් චැලේන්ජ් එක බාරගත් අයුරු පහතින්.
කිසිවෙකුගේ ආරාධනාවකින් තොරව දෙරණේ චතුර අයිස් බකට් එකකින් නාපු හැටි.
මෙ අතර ජය ශ්‍රී සංගීත කණ්ඩායම ලංකාවේ අයිස් වතුර නාගන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ අනේ වතුර නැතිව සිටිනා ජනතවට වතුර බාල්දියක් ගිහින් දෙන ලෙසයි.
මේ අතර ලොව වටා අයිස් බකට් නෑමේ තොරතුරුද සිත් ඇදගන්නා සුළුය.
ඉන්දිය නිළි සෝනක්ෂි සිංහා වතුර නැති හිස් බාල්දියකින් ස්නානය කර තිබෙන්නේ එක් අයිස් කැටයක් පමණක් සහිත බාල්දියකින්නි.
ඇය පවසා තිබුණේ කිසිවෙකු විසින් තමන්ව නම් නොකළ බවත් තමන් තනිවම ස්නානය කිරීමට තීරණය කළ බවත්ය
මේ වෙනුවෙන් වතුර බාල්දියක් වැය කිරීම අපරාධයක් බවත්,ජලය නොමැති කමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලොව වටා පීඩා විදින බවත් නිසා ඔවුන් ගැන සිතා ජලය නොමැතිව එක් අයිස් කැටයක් පමණක් සහිත බාල්දියකින් ස්නානය කල බවත් ඇය පවසා තිබේ. එම වීඩියෝව පහතින්.
මේ අතර Emblem3 නම් ඇමරිකානු සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු ස්නානය කළේ නිරුවතිනි. එම වීඩියෝව පහතින්.
මේ අතර අයිස් බකට් නෑමට ගොස් විවිධ අකරතැබ්බ වලට පුද්ගලයන් මුහුණ දුන් අයුරු විදහාපාන වීඩියෝවක්ද අන්තර්ජාලයේ ජනප්‍රියවී තිබේ. දින දෙකක් තුල එම වීඩියෝව නරඹා ඇති සංඛ්‍යාව මිලියන තුනකට අධිකය. එම වීඩියෝව පහතින්.