Saturday, August 2, 2014

අනර්කලීට වුන දේ මටත් වෙයි කියලා බය හිතෙනවා- උපේක්ෂා

අනුලා දේවිය ලංකාවේ රජකම් කළේ බුද්ධ වර්ෂ 47දී බව උපේක්ෂා ස්වර්ණමාලි පැවසූ පුවත මීට පෙර අප ඔබට ගෙන එන ලදි.

ඒ පිළිබඳව සතිඅන්ත පුවත්පතක් උපේක්ෂාගෙන් කළ විමසීමකදී ඇය පවසා ඇත්තේ තමා ඉතිහාසය විෂයක් ලෙස ඉගෙනගන නැති බවත්, පොතපතින් හා කතා බහෙන් ඇසුණු තොරතුරු පමණක් දන්නා බවයි.

ඊලඟ පාර්ලිමේන්තු ජන්දයට ඉදිරිපත්වීමට උපේක්ෂා බලාපොරොත්තුවේ.

නමුත් ජනප්‍රිය චරිතයක් වන අනර්කලී චන්දෙන් පැරදුණු නිසා තමන්ටද ඊලඟ ජන්දයෙන් ජය ගැනීම අභියෝගයක් බව ඇය සඳහන් කරයි.


අනුලා බිසව සිටියේ බුදුන් වහන්සේගේ කාලයේ බව ඔබ ප්‍රකාශ කර තිබුණා
එහෙම දෙයක් මා කියලා නෑ. මම කිව්වේ ප්‍රථම රැජින බිහිවුණේ ලංකාවෙන් කියලයි. ඒ බුද්ධ වර්ෂ කාලයේ කියලයි ඒක කොහෙන් පටලවාගන ලිව්වද මම දන්නේ නෑ. මට ඕවා හොය හොය ඉන්න වෙලාවකුත් නෑ.

ඔබ ඉගනුම ලැබුවේ කොහෙද?
ක්වේට් වල

ලංකාවේ පාසලකට ගියේ නැද්ද?
ක්වේට් වල යුද්ධ කාලේ මාස 6ක් රෝයල් ඉන්ස්ටිටුට් එකට ගියා. නැවත ආපසු ක්වේට් වලට ගියා.

ඔබ ඉතිහාසය විෂයක් විදිහට හදාරලා තියනවද?
නැහැ. නමුත් පොත පතින්, කතාබහෙන් මට එක් රැස්වූ තොරතුරු තියනවා

මීලඟ ජන්දෙකට ඉදිරිපත්වීමට ඔබ බලාපොරොත්තු වෙනවද?
අනිවාර්යයෙන්ම

මෙවර ඔබට ලොකු අභියෝගයක් තියනවද?
ඔව්. අනර්කලී මංත්‍රීතුමියට වූ දේ මට ඉතාම පුදුමයි. හිතුවෙ නැහැ. ඇයගේ මැතිවරණ කටයුතු හොඳට තිබුණා. ජනප්‍රිය චරිතෙකට එහෙම වුනාම අපිට ඒ ගැන හිතන්න වෙනවා.