Wednesday, August 13, 2014

පිළිකා සුවකළ වෙදහාමිනේ පිළිකාවකින්ම මියයයි

වෙද හාමිනේ ලෙසින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තබා ජනප්‍රියත්වයට පත් රෙබෙකා නිර්මලී අද අලුයම 02ථ00ට පමණ මහරගම පිළිකා රෝහලේදී අභාවප්‍රාප්ත වියග එක්දරු මවකවූ ඇගේ දියණිය ඈන්යගමිය යන විට ඇය 49 වන වියේ පසුවූ රෙබෙකා නිර්මලී කාලයක් තිස්සේ ගැබ්ගෙල පිළිකාවකින් පීඩා විඳි බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා මාධ්‍යය වෙත පවසා තිබුණිග

පිළිකා රෝග සුව කරන්නියක ලෙස වෙදහාමිනේ ටෙලි නාට්‍යයෙන් පේ‍්‍රක්ෂක හදවත් වැළඳගත් ඇය එම රෝගයටම ගොදුරුවී මියයාම එක් අතකින් දෛවෝපගත සිදුවීමකිග

අනුරාධපුරයෙන් කොළඹට පැමිණ ටෙලි ක්ෂේත‍්‍රයට එක්වූ රෙබෙකා ටෙලිනාට්‍ය 150 ක පමණත් චිත‍්‍රපට කිහිපයකත් රඟපා ඇති අතර සම්මාන වලින්ද ඇය පිදුම් ලබා ඇතගපසුගිය දා පැවැත්වූ රයිගම් ටෙලි සම්මාන උළලේ දී ජූරිය පිරිනැමූ විශේෂ කුසලතා සම්මානයක්ද ඇයට හිමි වූවායග

වෑ දිය රැල්ලල සේක්කුගෙදරල ජීවිතය සුන්දරයි කප් සුවහස්කල්ල රන්තලිය වලව්වල මොණරතැන්නල අකාල සන්ධ්‍යාල මිණිපුර හටනල ආදරවන්තයෝල නිසල දිය සසල වියල දඬුබස්නාමානයල කඩුළු තහංචියල දිය සායම්ලදෙදහක් යන නිර්මාණ තුලින් ඇය සිය රංගන කෞශල්‍යය විදහා පෑවායග

,වෙද හාමිනේ, ටෙලි නාට්‍යය තුළින් කලා ලොවට ඇය ගෙනා ජයන්ත චන්ද්‍රසිරිගේම නිර්මාණයකම රෝගී වන්නට පෙර ඇයගේ අවසන් රංගනයද සටහන් කිරීම විශේෂ සිද්ධියකිගලබන නොවැම්බර් 27 වන දින රෙබෙකා ඇගේ 50 වන ජන්ම දිනය සමරන්නට බලාපොරොත්තුවෙන් සිටි අතර එයට පෙර ඇයට ජීවිතයෙන් සමුගැනීමට සිදුවියග

බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක අද දිනයේ දේහය තැන්පත් කර තබන අතරල හෙට ඇයගේ දේහය කලාභවනට රැගෙන ඒමට නියමිත යග අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට සිදුකෙරෙනවා