Thursday, August 14, 2014

ලේකම්වරිය සමග රැයක් ගතකළ බව කියන ක්‍රීඩකයා හෝටලයේ සිට නැහැ !

ගාල්ලේ පැවැති ටෙස්‌ට්‌ තරගය අතරතුරදී ක්‍රිකට්‌ ආයතන ලේකම්වරියක්‌ සමග අනිසි හැසිරීමක්‌ සිදු කළේ යෑයි චෝදනා ලබා සිටින නවක ක්‍රිකට්‌ ක්‍රීඩකයා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ කළමනාකාරුගෙන් විමසීමක් සිදුකොට ඇති ඇති අතර එයට ප්‍රතිචාර ලෙස  ක්‍රිකට්‌ කණ්‌ඩායමේ කළමනාකාරු වන මයිකල් ද සොයිසා මහතා විසින් වාර්තාවක් ක්‍රිකට් ආයතනය වෙත යවා ඇති අතර එම වාර්තාවට අනුව සිද්ධිය සිදුවූයේ යෑයි කියන දිනය තුළදී එම ක්‍රීඩකයා තම කාමරය තුළ රැය පහන් කර නොමැති බවය.

එම වාර්තාවට අනුව අගෝස්තු 06 වැනිදා සිට 10 වැනිදා දක්‌වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වූ තරඟාවලිය අතරතුර එම ක්‍රීඩකයා තරගය ක්‍රියාත්මක අගෝස්‌තු 08 වැනිදා දින රාත්‍රි 8 ට පමණ කණ්‌ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටව ගොස්‌ තිබෙන අතර නැවතත් හෝටලයට පැමිණ ඇත්තේ ඊට පසු දින එනම් 9 වැනිදා දින උදෑසන 6.30 ට පමණය.

තරගය පැවැත්වෙන දිනකදී ක්‍රීඩකයකු සිය නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට යන්නේ නම් ඒ පිළිබඳව කණ්‌ඩායම් කළමනාකරුව දැනුවත් කළ යුතු නමුත් චෝදනා ලබා සිටින මෙම ක්‍රීඩකයා හෝටලයෙන් පිටතට ගොස්‌ රැය පහන් කර ඇත්තේ කිසිදු දැනුම් දීමකින් තොරව බවත් එම ක්‍රීඩකයා එදින රාත්‍රිය ගත කලේ කුමන ස්ථානයකදැයි යන්න පිලිබඳ ගැටලුවක් පවතින බවද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධව පරීක්‍ෂණයක්‌ පවත්වා ඔහුට විරුද්ධව විනය පියවරක්‌ ගැනීමට ක්‍රිකට්‌ ආයතනය තීරණය කර තිබේ.