Tuesday, August 26, 2014

ෂාරුක් ඛාන්ට ලබාදී ඇති ආරක්‍ෂාව තවත් වැඩි කෙරෙයි

බොලිවුඞ් සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ ආරක්‍ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහුගේ නිවස ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන්.
 
මෙලෙස වෙඩි තැබීම සිදුව ඇත්තේ ෂාරුක් ඛාන් ප‍්‍රධාන චරිතය නිරූපනය කරන ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘‘ Happy New Year ’’ චිත‍්‍රපටයේ විධායක නිෂ්පාදකවරයාගේ නිවස ඉදිරිපිටයි.
 
ඔහු, ෂාරුක් ඛාන්ගේ අස්වාසියා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කිරම් මොරානි නම් වූ මෙම නිෂ්පාදකවරයාට දිගින් දිගටම පාතාල කණ්ඩායම්වලින් තර්ජන එල්ල වී තිබුණා.
 
ඒ ‘‘ Happy New Year ’’ චිත‍්‍රපටයේ ජාත්‍යන්තර බෙදාහැරීම් ලබාදෙන ලෙසට බල කරමින්. මෙම චිත‍්‍රපටය තිරගතවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මස 24 වනදායි.