සිරිපැරකුම්
චිත්‍රපටයේ ‘සිරිමල් එතනා ලෙස ජනප්‍රියත්වයට පත් සෙනාලි අධ්‍යාපනය සඳහා
විදේශගත වෙලා හිටියේ ඇය නැවතත් ලංකාවට ඇවිත් කියලා දැනගන්න ලැබුණු නිසාම
මෙවර රිවිසරසි කතාබහට ඇයව එකතු කරගත්තා.මොනවද මේ දවස්වල අලුත් තොරතුරු
චිත්‍රපට කිහිපයක ආරාධනා ලැබුණා. මේ දවස්වල ඒ වැඩ තමයි තියෙන්නේ.
ලංකාවට එන්න තීරණය කළේ චිත්‍රපටවලට ආරාධනා ලැබුණ නිසාද?
නෑ. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මං අධ්‍යාපනය ලබන්නේ. එහි පළමු වසර අවසන් නිසා දීර්ඝ නිවාඩුවක් ලැබුණා. ඒ නිසා තමයි ලංකාවට ආවේ. ඒ අතරතුර තමයි චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ.
සිරිමල් එතැනට තාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?
සෙනාලි ෆොන්සේකා කියන නිමට වඩා ගොඩක් අය මාව දන්නේ සිරිමල් එතනා විදියට. තාමත් ඒ චරිතේ නම කියලා තමයි මිනිස්සු කතා කරන්නේ. ඒ ගැන ගොඩක් සතුටුයි මට.
සිනමාවට අමතරව ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
මම එක ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. තවම විකාශය වුණේ නෑ. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මම කැමැතියි. ඒත් අධ්‍යාපන කටයුතු නිසා ලංකාවේ ඉන්න කාලය අඩුයි. ඒ නිසා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණත් භාරගත්තේ නෑ.
රංගනය ගැන හැදෑරීමක් කරන්න අදහසක් තියෙනවාද?
සිරිපැරකුම් චිත්‍රපටයේ රංගනයෙන් දායකවෙන්න ලැබුණු දවස්වල තමයි රංගනය ගැන ඉගෙන ගන්න එන්න කියලා හිතුණේ. මම තීරණය කරලා තිබුණේ රංගනය ගැන එංගලන්තයට ගිහින් ඉගෙන ගන්න. ඒත් මගේ අධ්‍යාපන වැඩ එක්ක ඒ දේ ටික ටික මගහැරුණා.
ඔබේ අරමුණ ජීවවිද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක් වෙන්න. ඒත් කැමැත්ත තියෙන්නේ රංගනයට?
ඔව්. මගේ අරමුණ වගේම ඉලක්කය විද්‍යාඥවරියක් වෙන්න. මම ඒ දේ ඉෂ්ට කරගන්නවා. මගේ කැමැත්ත තියෙන්නේ රංගනයට. පොඩි කාලේ ඉඳන්ම මම ලොකු නැන්දලා රඟපානවා දැකලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මම රංගනයට කැමැති. අධ්‍යාපන වැඩ අවසන් වුණාම ඒ අංශයෙන් රැකියාවක් කරන ගමන් රංගන කටයුතුවලටත් දායකත්වය දෙන්න තමයි කැමැත්තෙන් ඉන්නේ.
වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් වෙන් කැමැත්තක් නැද්ද?
නෑ. මගේ අධ්‍යාපනය පැත්තෙන් තමයි වෘත්තීමය වශයෙන් ඉස්සරහට යන්න කැමැති. වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් වෙන්න ලොකු කැමැත්තක් නෑ. ඒත් විනෝදාංශයක් විදියට කලා කටයුතුවලට සහාය දෙනවා.
සෙනාලි ෆොන්සේකා කියන්නේ මොනවගේ චරිතයක්ද?
සෙනාලි සාමාන්‍ය සරල ජීවිතයක්ගත කරන්න කැමැති අහිංසක ගෑනු ළමයෙක්.
කොහොමද එංගලන්තේ ගත කරද්දී කාලය ගවෛන්නේ?
සතියේ ගොඩක් දවස්වල මම ඉන්නේ විශ්ව විද්‍යාලයේ. නිවාඩු වෙලාවටත් විශ්ව විද්‍යාලේ පුස්තකාලේට යනවා. පාඩම් කරන්න. විෂයන්වලට අදාළ ව්‍යාපෘති කරනවා. මම කැමැතියි ඉක්මනට මේ අධ්‍යාපන වැඩ ඉවර කර ගන්න මොකද එතකොට මගේ රටට වෙලා හැමදාම ඉන්න පුළුවන් නිසා. එංගලන්තයට ගිය මුල් දවස්වල ඒ රටේ ජීවන රටාව ගොඩක් වෙනස් මට. කාලයක් එක්ක ඒ දේට හුරුවුණා.
ඒ වෙනසට ඔබ හුරුවුණේ කොහොමද?
ඒ වෙනස මුලින්ම දැනුණා. ඒ වෙනසට හුරුවුණේ නෑ. මොකද මම ඒ රටේ සංස්කෘතියට හැඩගැහුණේ නෑ. අපේ රටේ සංස්කෘතියත් එක්කයි ජීවත් වුණේ. මම බටහිරකරණය වුණේ නෑ. තාමත් ලංකාවෙන් ගිය සරල සෙනාලි තමයි ජීවත් වෙන්නේ.
ඔබේ වැඩවලට පවුලෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
මගේ අම්මයි, තාත්තයි තමයි මගේ හෙවණැල්ල වගේ ඉන්නේ. ඒ දෙන්නත් මාත් එක්ක කේම්බිජ්වල පදිංචි වෙලා ඉන්නේ මගේ අධ්‍යාපන වැඩ නිසා. අම්මා ඇගේ රස්සාව අතහැරියෙත් මගේ වැඩවලට උදව් වෙන්න. තාත්තා මගේ හැම වැඩක්ම හොයලා බලලා උදව් කරනවා.
ඒ වගේම ගොඩක් අය හිතන්නේ ලොකු නැන්දා (මාලනි ෆොන්සේකා) නිසා තමයි මට රඟපාන්න ලැබුණේ කියලා. ඒක වැරදියි. හැමදාම ඇය කියපු දෙයක් තමයි දක්ෂතාවය තියෙනවා නම් ඉදිරියට යන එක කාටවත් වළක්වන්න බෑ කියලා. ඒ නිසා ඇයගෙන් කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කිසි උදව්වක් ලැබෙන්නේ නෑ. දිරිගැන්වීමක් ලැබුණට ෆොන්සේකා පවුල නිසා නෙමේ මෙම රංගන ශිල්පිනියක් වුණේ මගේ උත්සාහයෙන්.
යාළුවෝ සෙනාලිටත් වඩා සෙනාලි ගැන හිතනවා කීවොත්.
ඔව්. ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාර, සහයෝගය ඕනෑවටත් වඩා වැඩියි. හැමවෙලේම ඒ අය මට කියන්නේ ‘සෙනාලි ඔයා පරිස්සමට ඉන්න ඕන, ලස්සනට ඉන්න ඕන’ කියලා. ඒ ඇය මගේ දෙමාපියන් වගේම මාව පරිස්සම් කරනවා. මට හුඟක් ආදරෙයි. මම සරලව ජීවත් වෙන නිසා වෙලාවට පොඩි වැඩියි.
යොවුන්වියේ පසුවන සුන්දර තරුණියක් විදියට කොහොමද ආදරය දැනෙන්නේ?
ආදරය කියන්නේ ඕනම කෙනෙක්ට අවශ්‍ය දෙයක් දෙමව්පියන්, නෑදෑයින්ගෙන්, යහළුවන්ගෙන් රසික රසිකාවියන්ගේන මට ආදරය ගොඩක් ලැබෙනවා. ආදරය සුන්දර දෙයක්.
මොනවගේ කෙනෙක්ටද සෙනාලි කැමැති
මම කැමැති සරලව මම වගේම ජීවත් වෙන හොඳ අධිෂ්ඨානශීලී පිරිමි ළමයෙක්ට
තිළිණි මධුවන්ති
ඡායාරූපය-චමිල කරුණාරත්න















































