Monday, August 25, 2014

විනූගේ ප්‍රේමය බිඳ වැටෙයි

ගණිතමය දෝෂය හඳුනාගැනීමට පෙර දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ පළමුව ජයග්‍රාහිකාව කිරුළ පැළඳුවේ ලෙස විනු සිරිවර්ධනයි.
පසුව ඇය චීනයේ පැවැත්වූ "2012 සංචාරක රූ රැජින" තරඟය සඳහාද ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගියාය

මීට වසරකට පමණ පෙර ආරම්භ වූ විනූ උදානිගේ ප්‍රේම සම්බන්ධය මේ වනවිට බිඳී ගොස් ඇති බව වාර්තාවේ.


වයස අවුරුදු 21දී තම ප්‍රේම සම්බන්ධය ආරම්භ කළ අලුත ඇය පවසා තිබුණේ අවුරුදු 23දී විවාහ වෙන බවයි.

රූපලාවණ්‍යයට සම්බන්ධ ජනප්‍රිය වෛද්‍යවරයෙක් එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද?
සමීප සම්බන්ධයක් නම් නෑ... වෘත්තීය වශයෙන් ගනුදෙනුවක් කළා එච්චරයි...

ඒ කතා අමතක කරමුකෝ... ඔබව බලන්න මනමාලයෙක් ආව කියන්නේ ඇත්තනේ...
ම්... ඔව් කියමුකෝ...

එහෙනම් දැන් ඔබ පෙම්වතියක්ද?
එයා ආපහු විදෙස් ගතවුණා...

ඔබේ ආදරයත් තුරුලු කරගෙනම...?
නෑ... තාම හරියටම ඒ ගැන උත්තරයක් දෙන්න බෑ...

ඇයි මේ දෙගිඩියාවක්...?
අපි හරියටම කතා කරමු... ආදරය ගැන වෙනම කතා කරමු... අද නෙවෙයි වෙන දවසක...

කවදද විවාහ වෙන්නේ...?
දින වකවානුනම් නෑ... අවුරුදු 23 දී විතර...

ඉක්මන් වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
නෑ... හොඳම කාලේ කියලයි හිතෙන්නේ...?



ප්‍රේම සම්බන්ධය බිඳී යාමෙන් පසු ඇයට මේ වනවිට අවුරුදු 22ක් වන අතර අවුරුදු 25 දක්වා විවාහ නොවන බව පසුගියදා පුවත්පතකට ඇය පවසා තිබුණේ මෙලෙසින්.

විනූගේ පේ‍්‍රමය අද වන විට බිඳී ගිය බව ආරංචියි ?
ඒකට පේ‍්‍රම සම්බන්ධයක් කියනවාට වඩා විවාහ යෝජනාවක් කියන එක තමයි සුදුසු. මට විවාහ යෝජනාවක් ආවා. සොයලා බලද්දි දෙදෙනා අතර ගැළපීමක් තියෙනවා.

ඉතින් මගේ දෙමව්පියෝ ඒකට කැමති වුණා. මමත් කැමති වුණා. එයා විදෙස් රටක ඉන්නේ. අපි හමුවුණෙත් දුරකථනයෙන්. මම ඔය ටික එදා හෙළි කළා. අද වන විට ඒ සම්බන්ධය නැහැ.

ඇයි ඒ?
ඒ අයට අවශ්‍ය ඉක්මන් විවාහයක්. අපේ මව්පියෝ කැමති නැහැ දැන්මම මාව බන්දලා දෙන්න. ඒ හේතුව හින්දා තමයි කතාබහ කරලා මේ වගේ තීරණයකට ආවේ. විවාහයකදී මව්පිය වැඩිහිටි ආශිර්වාදය අවශ්‍යයි.

ඒත් විවාහ වන්නේ ඔබ දෙදෙනා. ඔබලාගේ තීරණය නේද වඩා වැදගත්?
මට තවම වයස 22 යි. මගේ අධ්‍යාපන කටයුතු ඉවර නැහැ. ඒ හින්දා මමත් දැන්ම විවාහ වන්නට අදහසක් නැහැ. අවුරුදු 25 ක් විතර වෙනතුරු විවාහ වෙන්න අදහසක් මට නැහැ. ඒත් එයා ඉන්නේ විවාහ විය යුතු වයසේ.

මව්පියන් කියන විදියට ඉක්මන් විවාහයක් අවශ්‍යයි කියන මතය තුළ තමයි එයා ඉන්නේ. ඒ විදියට දෙන්නගෙ අදහස් පරස්පර වුණ හින්දා අන්තිමට අපි දෙන්නා තීරණය කළා දෙන්නගේ අනාගතේ ගැන වෙන වෙනම තීරණ ගන්න.