Friday, August 15, 2014

ජීවත්වෙන්න දෙමාපියන්ගේ ලේ බොන ඉරාක දරුවෝ

ගැටුම්වලට මැදිවී සිටින ඉරාක වැසියන් සිය දූදරුවන්ගේ කුසගින්න නිවීම සදහා ඔවුන්ට සිය රුධිරය බීමට දීමට තරම් අසරණ වී සිටිනවා.
 
මෙම වාර්තාව ප‍්‍රචාරය කළේ බී බී සී රූපවාහිනියයි. අයි එස් අයි එස් සටන් කාමීන්ගේ කි‍්‍රයාකාරකම් නිසා දස දහස් සංඛ්‍යාත පිරිසක් ඉරාකයේ සින්ජාර් කදු වැටියේ සිරවී ඇතැයි එහිදී අනාවරණ කෙරුණා. 
 
මුලින් කතෝලිකයන්ට පමණක් තර්ජනයක් වූ අයි එස් අයි එස් සංවිධානය දැන් මුස්ලිම්වරුන් වන තමන්ටත් භීතිකාවක් වී තිබෙන බවයි පීඩාවට පත් වැසියන් පවසන්නේ. ඔවුන් සදහා මානුෂීය ආධාර සැපයීම තව තවත් වේගවත් විය යුතු බව මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ගේ අදහසයි.
 
මේ වනවිට ආධාර සැපයී සදහා බි‍්‍රතාන්‍ය රජයද මැදිහත්වී තිබෙනවා. හෙළිකොප්ටර් යොදාගෙන ඔවුන් ගුවනින් ආහාර හෙළන බවයි විදෙස් වාර්තා පවසන්නේ. අමෙරිකාවද අවස්ථා කිහිපයකදී සින්ජාර් කදුකර ප‍්‍රදේශයට ආහාර සහ පානීය ජලය ගුවනින් හෙලනු ලැබුවා. කෙසේවෙතත් ප‍්‍රමාණවත් තරම් ආහාර හෝ ජලය තමන්ට නොමැති බවයි පීඩාවට පත් වූවන් බී බී සී මාධ්‍යවේදීන්ට කියාසිටියේ.
IRAQ-UNREST-YAZIDIS-RELIEF IRAQ-UNREST-YAZIDIS-RELIEF Iraq www.nethfm.com003 Iraq www.nethfm.com004 Iraq www.nethfm.com005 Iraq www.nethfm.com006 Iraq www.nethfm.com007 Iraq www.nethfm.com008