පසුගිය
ජුනි මාසයේ ජාඇල ප්‍රදේශයේදී සෙව්මිණි නමැති පාසල් දැරියක දුම්රියට පැන
දිවිනසාගැනීමේ සිදුවීම ආන්දෝලනයට ලක්වුයේ එය සියදිවිනසාගැනීම පිටුපස ඇති
විවිධ මත හේතුවෙනි. එම දැරියගේ මරණයෙන් පසුව ඇය විසින් ලියන ලද ලිපියක්ද
හමුවූ අතර එම ලිපියෙන්ද යම් යම් කරුණු හෙළිවී තිබුණි.
සෙව්මිණි සතුව තිබුණා යැයි කියන ගුරුවරියන් දෙදෙනෙකුගේ අයථා සම්බන්ධයක්
ඔප්පු කරන බාසුන්නැහේ කෙනෙකු විසින් දුන් මෙමරි කාඞ්පතක් එම ගුරුවරියන්ට
ලබාදීමට නොහැකිවූ තැන එම දැරියට එල්ලවූ පීඩනය හමුවේ ඇය දිවිනසාගත් බව එකල
මාධ්‍යය වාර්තා කොට තිබුණි. පසුව සිදුකරනු ලැබූ විමර්ශන වලින් අනතුරුව
අධ්‍යාපන කාර්යාලය විසින් එම පාසලේ විනයභාර ගුරුතුමිය වන සුගීත ගුරුතුමියගේ
වැඩ තහනමට ලක්කොට තිබේ.
එම සිදුවීම පිළිබඳව වැඩ තහනමට ලක්වීමෙන් අනතුරුව සති අන්ත පුවත්පතකට දීර්ඝ
සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් සුගීතා ගුරුතුමිය පවසා ඇත්තේ
සෙව්මිණි අපයෝජනයට ලක්ව මානසික පීඩාවෙන් කල්ගත කළ දැරියක බවය.
මෙමරි කාර්ඞ් එකේ ඇති ඡායාරූප මොනවාදැයි ඇසූවිට "එකක සුගීතා ටීචර් ටවල් එක
ඇඳලා. අනිත් එකක ස්කර්ට් එකක් ඇඳලා, අනිත් එකේ ඇඳුම් මුකුත් නෑ කියලා"
සෙව්මිණි දැරිය කියූ බවත් එයින් තැතිගත් තමා එය සොයන්නට ඇගේ නිවසට ගිය
බව ඇය එම සාකච්චාවේදී පිළිගෙන තිබේ. එම මෙමේරි චිප් එක සෙවීමට ගියත් ඇයට
තරවටු නොකළ බවද ඇය එහිදී ප්‍රකාශකොට තිබේ.
















































