Tuesday, January 6, 2015

සඟවා ඇති දැඩි කල ෂාරුක්ගේ පුතු යලිත් කරළියට පැමිණෙයි - Photos


ෂාරුක් ඛාන් අලුත් අවුරුද්ද සැමරුවේ ඩුබායි වලදී. 2014 අවුරුද්ද පුරාම ඔහු හරිම කාර්ය බහුල වෙලා හිටියේ Happy New Year ෆිල්ම් එකෙන් පස්සේ Fan ෆිල්ම් එකේ වැඩ පටන් ගත්ත නිසා.

ඉතින් ඉක්මනට නිවාඩුවක් අරගෙන තමන්ගේ පවුලේ අය එක්ක නිදහසේ කාලය ගත කරන්න ෂාරුක් ඛාන් ඩුබායි ගියා. Twitter  ඔස්සේ තමන්ගේ සතුට රසිකයෝ එක්ක බෙදාගත්තු ෂාරුක් ඛාන් කිව්වේ තමන්ගේ ජිවිතේ වටිනාම වස්තු 3 එක්ක නිදහස්, වචනයෙන් විස්තර කරන්න බැරි, ආදරණිය පැය 48ක් ගත කළා කියලා.


ඒ ඔහුගේ දරුවන් තුන්දෙනා ආර්යන්, සුහානා වගේම පුංචි පුතා ඒබ්‍රහම්.සුපිරි නළු තාත්තා වගේම මේ දරුවෝ තුන් දෙනාත් තරු බවට පත් වෙලා.

ඒ අතරිනුත් මාධ්‍ය අවධානයට වැඩිපුරම ලක්වුණේ ෂාරුක් ඛාන් ගේ පුංචි පුතා එබ්‍රහම් ඛාන්.දෙමව්පියන්ගේ ජාන දරුවන්ට  උරුම වෙනවා වගේම,ඒ ජාන ලක්ෂණ කොයිතරම්  පැහැදිළිව මේ පුංචි පැටියාගෙන් නිරුපණය වෙනවද කියලා මේ පින්තුර දැක්කහම ඔබට පැහැදිළි වෙයි.