Sunday, January 4, 2015

මං මෛත්‍රිට සපෝට් එකට මැරෙනවා කියා ගිනි තියාගෙන


අද උදෑසන 5 ට පමණ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසළදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගැනීමේ සිද්ධියක් නිසා ඔහුව රෝහල් ගත කර ඇත. 68 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු වන ඔහු ජයසූරිය ආරච්චිගේ ජිනදාස
පෙරේරා නමැත්තෙකි. පන්නිපිටියේ පදිංචි කරුවෙකි.
ඔහු විහාරමහාදේවී උද්‍යානය අසළ ගැවෙසෙමින් සිට එක්වරම කෑගසා ඇත්තේ zමෛත්‍රීපාලට ජයවේවා..Z යනුවෙනි. පසුව තම සිරුරට ඔහු ගිනි තබාගෙන ඇත. එම අවස්ථාවේ ශාරීරික වයායාම සඳහා අවට ගමන් කරමින් සිටි පුද්ගලයින් එක්වී ඔහුගේ සිරුර ගිනිගැනීමෙන් වළක්වාලන්නට උත්සාහ කර ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහු දැන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිරින අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.