
ගණකාධිකරණය පිළිබඳ උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ ගුණාත්මකභාවය පහළ දමා ඇතැයි පවසමින් අද සිසුන් පැවැත්වූ විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලට අමතරව එල්ල කළ ප්‍රහාර අපගේ නිව්ස්ෆස්ට් කැමරාවේ මෙසේ සටහන් විය.
ඒ, සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුල්වීමට ගත් උත්සහයේදී ය.
1990 ආර්ම්භ කළ ගණකාධිකරණය පිළිබඳ උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලා කාලය වසර 4කි.
දිවයින පුරා පවතින උසස් තාක්ෂණ විද්‍යාල 17 ක් අතරින් 16 ක අදාල පාඨමාලාව ක්‍රියාත්මක අතර සිසුන් චෝදනා කරන්නේ මේ වනවිට පාඨමාලා කාලය වසර 3 ක් දක්වා අඩු කිරීමේ උත්සහයක් ඇති බව ය.
ඉන් එහි ගුණාත්මක භාවයට හානියක් සිදු වන බව ත් උසස් තාක්ෂණ විද්‍යාල තුළ සියලු පාඨාමාලා මුදලට විකිණීමේ ක්‍රියාමාර්ගයකට යොමුවන බවට ත් ඔවුන් චෝදනා කරති.
අද කොළඹ කොටුවේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැමිණි සිසුන් පැවසුවේ තමන්ට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බව ය.
සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් නිදහස් කරන්නැයි ඉල්ලා පසුව පිරිසක් උපවාසයකද නිරත වුහ.
පොලීසිය පැවසුවේ කලබලකාරී ලෙස හැසුරුණු සිසුන් පලවා හැරිමට ජල හා කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළ ද කිසිවෙකු අත්අංඩගුවට නොගත් බව ය.