ගුවන් අනතුරින් බරපතල තුවාල ලැබූ සෙබළාත් දිවිපුදති
අතුරුගිරිය
හෝකන්දර වානගුරුවත්ත ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලබා දිවි ගලවා
ගත් ගුවන් භට නාමල් චතුරංග ඊයේ (18) රාත්‍රී ජීවිතක්ෂයට පත්වූ බව ගුවන් හමුදා
මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.නාමල් චතුරංග මේ වනවිට 24වැනි වියෙහි පසුවන අතර ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විසුහලෙනි.
2010 වසරේදී ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී ඇත.
කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමික් තිබූ ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 නම් ගුවන් යානයේ ගමන්ගත් සියලු නිලධාරීන් ඉන් ජීවිතක්ෂයට පත්විය.
















































