Friday, December 19, 2014

විමල්ගේ පිරිමිකමට බය නැහැ - සමනළි (වීඩියෝ)


විමල්ගේ පිරිමිකමට බය නැහැ - සමනළි (වීඩියෝ)

පසුගියදා විමල් වීරවංශ මහතාට අයත් පුවත් වෙබ් අඩවියක් මගින් සමනලී ෆොන්සේකා, අනෝමා රාජකරුණා, පරාක්‍රම නිරිඇල්ල වැනි කලාකරුවන් කිහිපදෙනෙකුගේ පෞද්ගලික ජීවිත වලට අතිශය නින්දිත ආකාරයට ප්‍රහාරයක් එල්ලකර තිබිනි.

ඊයේ දිනයේ කලාකරුවන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී රංගන ශිල්පිනි සමනළි ෆෙන්සේකා මහත්මිය එම පුවත සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය .

මේ වෙබ් ප්‍රවෘත්තියට අදාළ කිසිම දෙයක් එතන සිදුවුනේ නැහැ...මොකක් හරි පොඩි දෙයක් උනානම් විශාල කරලා පෙන්වන එක මහා දෙයක් නෙවෙයි..ඒක තමයි මඩ ප්‍රහාර කියන්නේ..මොවුන් මඩ ප්‍රහාර එල්ලකරන්න දන්නෙත් නෑ මම හිතන්නේ..

දැන් ඔවුන් කවුද කියලා අපි දන්නවා..ඔවුන් කව්ද කියල අපි දන්නවා කියලා ඔවුන් දන්නවා..එතකොට කොයිතරම් ලැජ්ජාවක් නැති වෙන්න ඕනද? හෘද සාක්ෂියක් නැති වෙන්න ඕනද ඔවුන්ට? මෙවැනි අසත්‍ය වගකීමක් රහිත ප්‍රවෘත්තියක් පළකරන්නට..ඉතින් එවැනි හෘද සාක්ෂියක් නැති මිනිසුන් පාලන තන්ත්‍රයේ ඉන්න රටක තව මොනවා වෙන්න පුලුවන්ද? මම කොයිම අවස්ථාවකවත් ඒවගේ දේවලට බය නැහැ..ඒවගේ දේවල් ඉදිරිපත් කරන පිරිමින්ට මම කොහොමටත් බය නැහැ..

කෙසේනමුත් මේවනවිට එම පුවත පළකළ වෙබ් අඩවිය අදාළ පුවත වෙබ් අඩවියෙන් ඉවත් කොට තිබේ.

මෙම මාධ්‍ය හමුවේදී සමනලී ෆොන්සේකා, ධර්මසිරි බණ්ඩාරනායක, අනෝමා රාජකරුණා, දමිත් ෆොන්සේකා, ලුෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල ආදී කලාකරුවන්ද අදහස් දැක්විය.

හඬපටවලට පහතින් සවන්දෙන්න.


wfkdaud rdclreKd

oñ;a f*dkafiald

ÆIka nq,;aisxy,

mrdl%u ksßwe,a,

Purawasibalaya1 600px 14 12 19