Tuesday, December 9, 2014

නයනතාරා ඉන්දියාවේ සුපර් ස්ටාර් කාන්තාවලු.


කොලිවුඩයේ සුපිරි නිළි නයනතාරා ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව බව දෙමළ සිනමා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන උදයානිදි පවසනවා. පුවත්පත් සාකච්ඡාවකදි ඔහු පවසා ඇත්තේ ඉන්දියාවේ සිටින ඇතැම් නිළියන්ට වඩා නයනතාරා දක්ෂ බවයි. නයනතාරා විසින් රඟපාන ලද දෙමළ, තෙළිගු චිත්‍රපට සියල්ලක්ම පාහේ අතිසාර්ථක වූ බවයි උදයානිදි වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ. නයනතාරා රඟපෑ චිත්‍රපට වලින් අතිසාර්ථක වූ චිත්‍රපට වන්නේ නන්බේන්ඩා, බිල්ලා, රාජා රාණී, ආරම්බම්, ඉදු නම්ම ආලු, තනි ඔරුවන් සහ නානුම් ඉවොදාන්. සුපිරි නළු මෙන්ම නිෂ්පාදකවරයෙකු වන ප්‍රභූ දේවා සමග විවාහ වූ නයනතාරාට ඔහු සමග වැඩි කාලයක් එම විවාහය පවත්වාගෙන යාමට හැකිවූයේ නැහැ. ඔවුන්ගේ විවාහය දෙදරායාමෙන් අනතුරුව නයනතාරා කලකිරීමට ලක්ව සිනමාවෙන් ඈත්ව සිටි අතර ඇය නැවත සිනමාවට පැමිණීමේ පුවතක්ද උදයානිදි විසින් පවසා තිබෙනවා.

නයනතාරා රඟපෑ චිත්‍රපටයක කොටසක් පහතින් බලන්න...