Thursday, December 18, 2014

ප්‍රිටි සින්ටාගේ කැමැත්ත තිසරට

2015 අයි පී එල් තරගාවලියට සහභාගි වන කී‍්‍රඩකයින්ගේ මූලික ලැයිස්තුවක් අද ප‍්‍රකාශයට පත් කළා. මේ වසරේ පැවති තරගාවලියේදී කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින් අතරින් 123 දෙනෙකු ලබන වසර සදහාද රදවා ගැනීමටයි කණ්ඩායම් තීරණය කර ඇත්තේ. මෙම කී‍්‍රඩකයින් කණ්ඩායම් 8 කට අයත්. ඒ අතරින් 79 දෙනෙකුම ඉන්දීය කී‍්‍රඩකයින් වන අතර 44 දෙනෙකු විදෙස් කී‍්‍රඩකයින්. ලබන වසරේ තරගාවලිය සදහා රදවාගෙන ඇත්තේ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් දෙදෙනෙකු පමණයි. කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග එම කී‍්‍රඩකයින්.