සාමාජිකයන් 104,822මෙම පිටුව මුල් කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය සනදහා යොදාගත්තත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීමත් සමග එම පිටුව මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දෙන පිටුවක් බවට පත්විය. එම පිටුව පරිපාලනය කරනු ලබන පිරිස විසින් ප්‍රසිද්ධ කරනු ලබන නිවේදනයකට අනුව එම පිටුව පවත්වාගෙනු යනු ලබන්නේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජනාධිපති මහින්ද රාපජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ස්වෙච්ඡාවෙන් සේවය කළ පිරිසක් විසිනි. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ අදාළ ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිකමක් පවතින බවයි.
මෙම ගැටලුව ෆේස්බුක් බලධාරීන් සමග විසඳා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය කටයුතු කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.













