
වඳුරඹ නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පොලිස් නිලධාරියෙකුට අද කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න බැරි තත්ත්වයක් උදාවී ඇති නිසා නිල ඇඳුම ගලවා තමන් අද ගෙදර ආ බවයි.
මේ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය ගැන සිතා තමන් සේවයෙන් ඉල්ලා අස්වූ බවත්, ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදීන් විමසද්දී ඔහු කියා සිටියේ “ හොරෙක් කෙහෙල් කැනක් කැපුවාට පස්සේ පිහිය අල්ලලා නඩුවක් දාන්න කියනවා වගේ“ වැඩක් තමාට සිද්ධ වූ බවකි.
කෙසේ හෝ තමන් අද ගනු ලැබූ මෙම තීරණය පොලිස් දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන්ටද ආදර්ශයක් වනු ඇතැයි හෙතෙම පෙන්වාදුන්නේය.
ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සිට සියලු දේශපාලඥයින් නිසා පොලීසියට අද රාජකාරි කිරීමට අපහසු වී ඇති බවත්, පොලිස් ස්ථානාධිපතිවරයෙක් ලෙස ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් වැනි තත්ත්වයට තමාට පත්වීමට සිදුවූ බවද හෙතෙම එහිදී කියා සිටියේය.
පොලිස් දෙපාර්තමේන්තුවට තමා ආදරය කරන බවත්, පොලීසියේ වසර 18ක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරියෙක් ලෙස තමන් මෙම තීරණය ගත්තේ ඉතා කනගාටුවෙන් බවත්, තමන් ලබාදුන් ආදර්ශය තුළින් පොලිස් දෙපාර්තමේන්තුවේ අනාගතය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරන බවත්, හෙතෙම වැඩිදුරටත් පැවසීය.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)











