Wednesday, December 17, 2014

අප‍්‍රිකානු වෛද්‍ය සිසුවිය ලොව රූමත්ම තරුණියයි



රටවල් 120ක රූමතියන් අබිබවා යමින් 2014 වර්ෂයේ ලෝක රූරැජින කිරුළ තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකානු 22හැවිරිදි  රොලෙනෙ ස්ට්‍රේවුස් සමත්වූවාය.වෛද්‍ය සිසුවියක වන ඇය ඊයේ (14දා) ලන්ඩනයේදී නිමාවදුටු 64 වැනි ලෝක රූරැජින තරගබිමේ අභිසෙස් ලැබුවේ පසුගිය වසරේ කිරුළ දිනූ පිලිපීන රූ රැජින අතිනි.

මෙවර තරගාවලිය සඳහා පැමිණි බොහෝ රූමතියන් රුවෙන් මෙන්ම බුද්ධියෙන්ද අගතැන්පත් වූවන් වූ අතර, ඔවුන් සියලුදෙනා පාහේ උපාධිධාරීන් වූබව මාධ්‍ය වාර්තාකර සිටියි. මෙහි දෙවන ස්ථානය හංගේරියානු රූ රැජින වූ එඩීනා හටත්, තෙවන ස්ථානය ඇමරිකානු රූරැජිනවූ එළිසඛෙත් හටත් හිමිවිය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ චුලක්ෂි රණතුංගයි. -