Monday, December 8, 2014

පසුගියදා වුණු රිය අනතුර ගැන උදාරි වසන් කරන්නේ ඇයි?



නව පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු උදාරි වර්ණකුලසූරිය පසුගියදා අකරතැබ්බයකට මුහුණ දුන්නා. දෙසැම්බර් 1 වැනිදා රාත්‍රියේදී රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ ගුරුගොඩදී උදාරි පැදවූ මෝටර් රථය යතුරුපැදියක ගැටිලා. ඒ අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කරලා. මෝටර් රථය පදවාගෙන ඇවිත් තියෙන්නේ උදාරි.

නමුත් ඒ මොහොතේ ඇයත් සමඟ තවත් කෙනෙක් මෝටර් රථයේ ඉඳලා තියෙනවා. අනතුරින් උදාරිට නම් අනතුරක් වෙලා නෑ. දෙපාර්ශවයේම එකඟතාව මත උදාරි පොලිස් ඇප මත මුදාහැරලා තියෙනවා. මේ සිද්ධිය කන වැකුණු ගමන්ම අපි උදාරිට කතා කළා. ඒ මේ සිද්ධිය ගැන සහසුද්දෙන් දැනගන්න. ඒත් උදාරි එකහෙළා කිව්වේ එහෙම සිද්ධියක් නොවූ බවයි. ˜‍නෑ... එහෙම දෙයක් වුණේ නෑ...˜‍ එහෙනම් මම මේ හොඳින් ඉන්නේ...˜‍

˜‍එතකොට පොලිසිය කියන්නෙ බොරුද?˜‍ඒක නම් මම දන්නෙ නෑ... සමහර විට වෙන කෙනෙක්ට මාව පැටලිලාද දන්නෙ නෑ...˜‍

උදාරි අපිට කිව්වේ ඒ විදියට. ඒත් මේ අනතුර සිද්ධ වී හමාරයි. අනතුර සිද්ධ වුණු බවටත්, උදාරි පොලිසියේ ඇප මත මුදාහැරිය බවටත් ඕනෑ තරම් සාක්‍ෂි තියෙනවා. ඒත් උදාරි ඒ බව සඟවන්න හේතුව නම් දන්නේ ඇයම විතරයි.

අත්වැරදීම් ඕනෑ කෙනෙක්ට වෙනවා. උදාරිටත් අත්වැරැද්දක් වෙන්න පුළුවන්නේ. ඒත් ඒක හංගන්න තරම් කාරණයක්ද කියන එකයි අපිටත් තියෙන ප්‍රශ්නය. -