Tuesday, December 2, 2014

17 හැවිරිදි සිසුවියක් සමූහ දුෂණයට ලක්වෙයි

වැලිගම ප‍්‍රදේශයේදී 17 හැවිරිදි පාසැල් සිසුවියක් සමූහ දුෂණයට ලක්ව තිබෙනවා. ත‍්‍රී රෝද රථයකින් පැමිණි තිදෙනෙකු මෙම දැරිය පැහැර ගෙන ගොස් දුෂණය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.
 
දුරකතන ඇමතුමක් ලබාදී ඇයගේ සහෝදරියට කරදරයක් වී ඇතැයි පවසා මාර්ගයට ගෙන්වාගෙන මෙම සිසුවිය පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසුවා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මීට පෙරද මෙම සිසුවියගේ පෙම්වතාගෙන් ඇය දුෂණයට ලක්ව ඇති බවයි.
 
එ් අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සියලූදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දුෂණයට ලක් වූ දැරිය ප‍්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා.