Saturday, November 8, 2014

UK චාට්වලට ගිය ‘ෆ්‍රී’හි අයිතිකාරිය ලංකාවෙ කෙල්ලක්

එක්සත් රාජධානියේ ‘මියුසික් වීක් චාර්ට්’ හි විසි වැනි ස්ථානයයට ගිය ‘ෆ්‍රී’ ගීතයේ හිමිකාරිය ලංකාවේ තරුණියකි.

එහි හිමිකාරිණිය වන්නේ ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී ජීවරාණි කුරුකුලසූරියගේ දියණිය සෙනානි විජේසේනගේය.

මේ ගීය මෙරට ගීත දර්ශකයකවලද සති කිහිපයක් පුරාවට ප්‍රථම ස්ථානයේ රැඳී තිබිණි.

සේනානි මේවන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඇය වෛද්‍යවරියකි.

පසුගිය වසරේ පැවැති හොලිවුඩ් මියුසික් ඉන් මීඩියා අවෝඩ්හිදී ද ඇගේ ගීතයක් එහි නිර්දේශිත ලයිස්තුවට එක්වී තිබනි.

එසේම  ඇය ඇමරිකා එක්සත් ජනපදයේ නැඟී එන හොඳම ගායක ගායිකාවන් සිය දෙනා අතරට ද එක් වූවාය.

‘ෆ්‍රී’ගීතයේ රචනය මෙන්ම තනු නිර්මාණයද සිදුකර ඇත්තේ සෙනානි විසිනි.

ඉදිරියේදී තම ගීත ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඇය ඉන්දියාව වෙත යාමට සූදානමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

ගීතයේ වීඩියෝව පහත දැක්වේ.