ඉකුත් සෙනසුරාදා
දින අලුයම මාලක සිල්වා හා ස්කොට්ලන්ත ජාතික යුවල අතර ඇතිවූ ගැටුම සම්බන්ධව
මේ වනවිට පාර්ශව දෙකෙන් පරස්පර ප්‍රකාශ සිදුකොට තිබව වාර්තා වේ.
පහරකෑමට ලක්‌වූ ජේම්ස් ෆ්‍රැන්සිස් නමැති 43 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයාගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය 24 හැවිරිදි බ්ලින්ඩා මැකන්සි නම්වූ පෙම්වතිය
සමඟ එහි පැමිණ නටමින් විනෝද වෙමින් සිට ඇත. මෙම විදේශිකයා කොට්ටාව
ප්‍රදේශයේ ඉදිකිරීම් සමාගමක ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන අතර ඔහුගේ උපන්දිනය
සැමරීම සඳහා ඔහු සිය පෙම්වතියට ලංකාවට පැමිණෙන්නැයි කළ අරයුමක් මත ඇය
පසුගිය මස 29 වනදා ලංකාවට පැමිණ තිබේ.
එම
අවස්‌ථාවේදී බීමතින් සිටි මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ
රංගනයේ යෙදී තිබේ.එහිදී එම තරුණිය සහ මාලක සිල්වා අතර බහින්බස් වීමක්
සිදුවී ඇති බවත් ඉන් අනතුරුව ගැටුම ආරම්භ වූ බවත් පරීක්ෂණ වලදී හෙළිවී
තිබේ. සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.
මෙම විදේශ යුවළට පහරදීමේ සිද්ධියට සම්බන්ධ
මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව
සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල්
පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
මේ වන විට සැකකාර සිල්වා බන්ධනාගාර
නිලධාරීන්ගේ රැකවරණය මැද පෞද්ගලික රෝහලක රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස
ප්‍රතිකාර ලබමින් සිටියි. මේ සම්බන්ධව මාලක සිල්වා පලකොට ඇත්තේ එයට
ප්‍රතිවිරුද්ධ අදහසකි. මාලකට අනුව එම විදේශීය තරුණිය බීමතින් මාලකව පොලඹවා
ගැනීම සඳහා යාමේදී විදේශීය ජාතිකයා මැදිහත්ව මෙම ගැටුම ඇතිවී තිබේ.
















































