Wednesday, November 26, 2014

සොල්හයිම් එල්ටීටීඊයට මුදල් දෙන පින්තූර සාක්‍ෂි මා සතුයි..

නොර්වේ විශේෂ සාම නියෝජිතයා ලෙස කලත් කටයුතු කළ එරික් සොල්හයිම් විසින් එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බව සහතික කල හැකි ඡයාරූප සාක්ෂි තමා සතුව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කීය.
පසුගියදා අනුරාධපුරයේදී ජනහමුවක් අමතමින් ඒ මහතා සදහන් කලේ සොල්හයිම් කොටින්ට මුදල් දුන්නේ යයි තමා කල ප‍්‍රකාශය බොරුවක් යැයි සොල්හයිම් පවසා තිබුණද ඔහු එසේ මුදල් දුන් බවට වන සාක්ෂි අවශ්‍ය නම් පෙන්විය හැකි බවත්ය.