Tuesday, November 4, 2014

එකගමෙන් එක කොල්ලෙක් සොයන කෙල්ලක්

අන්තර් ජාලය ඔස්සේ චීනයේ විවිධ නගරවල සිටින තරුණයින් තම පෙම්වතුන් කර ගැනීමට කැමති බව කියමින් දැන්විමක් පල කළ චීන කෙල්ලක් පිළිබඳ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.

කෙසේවුවද ඇය පෙම්වතුන් සොයා පැමිණීමට ද මනාප අතර ඒ සඳහා යන ගමන් වියදම් පෙම්වතා විසින් දැරිය යුතුය.

මේ දැන්වීම දමා ඇත්තේ දහනව හැවිරිදි ජේ පෙන්ග් (Je Peng)නැමැති ෂැංහයි හි වෙසෙන සිසුවියක් විසිනි.

ඇය සිය පෙමතුන්ට තිබිය යුතු ගති ලක්ෂණ ලයිස්තුවක්ද සිය දැන්වීමට එක් කර තිබේ.

පෙම්වතුන් වයස අවුරුදු 30ට අඩුවිය යුතුවන අතර උස මිටර් 1.75ක් සේම කඩවසම් විය යුතු බවද එහි දක්වා ඇත.

එමෙන්ම ඔහු ඇයට ඇගේ නගරයට යාම සඳහා මුදල් සහ ඇය එම නගරය තුල රැඳෙන කාලය තුල ඇගේ සියළුම විය පැහැදම් දැරිය යුතු බවත් ඇය එම දැන්වීමේ දක්වා තිබේ.

ඒ වෙනුවෙන් ඔවුන්ට ඇය සමඟ රාත්‍රියක් ගත කිරීමේ අවස්ථාව සහ ඇගේ පූර්ණ අවධානය මෙන්ම ඔහුගේ මිතුරන්ට ඇයව පෙම්වතිය ලෙස පෙන්වීමේ අවස්ථාවද හිමිවන බව ඇය පවසා තිබේ.