Saturday, November 29, 2014

අපේ තාත්තා ජනපති කල යුත්තේ ඇයි – පොදු සිරිසේනගේ දුව කියයි

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගැන ඔහුගේ දියණිය වතුරිකා සිරිසේන අදහස් පල කරයි.
තම පියාගේ දෑත් ඉතා පිරිසිදු බව ඇය පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති කාන්තා හමුවකට සහභාගී වෙමිනි.
ඇය එහිදී මෙසේද කීවාය.
‘සද්දයකින් නැත්නම් රතිඤ්ඤා සද්දයක් පත්තුවෙද්දි මරණ බියම ඇමතිවරයෙක්ගේ දරුවෙක් විදියට එදා අපිට දැනුනා.
මං මේ කතා කරලා කියලා මං කවදාවත් මගේ අම්මවත් අපිවත් අමාත්‍යාංශ කළු ද සුදු ද කියලා දැකලා නැහැ.
දෝෂාරෝපණ  ගැරහුම් චෝදනා හැබැයි මම ඔය සියල්ලගෙම හිත් දන්නවා ඒ සියල්ලගෙම හිත් දන්නවා.
ඔය මෛත්‍රීපාල සිරිසේන කවුද කියලා හෘද සාක්ෂිය කතා කරලා කියනවා මේ මෛත්‍රීපාල සිරිසේනගේ අත්පය හොඳට පිරිසිදුයි. දෑත් පිරිසිදුයි ඔය කුණු කන්දල් ගෑවිලා නැහැ කියලා’