රාජගිරිය - ගෝතමී පාරේ මෙම ධර්මායතනය පිහිටි අක්කර තුනහමාරක් පමණ වන මෙම ඉඩම මීට පෙර කෝට්ටේ මහනගර සභාව විසින් අපද්‍රව්‍ය බැහැර කළ ඉඩමක්. පසුව, එය රජයේ අනුග‍්‍රහය යටතේ ගොඩකර මෙම ධර්මායතනය ස්ථාපිත කළ බවයි සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශ කළේ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවයි. නමුත්, විහාරස්ථානයට හානියක් වීමට ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාද මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා. ආණ්ඩුව සමඟ සිටින විට රතන හිමියන්ට එක් ආකාරයකින් සලකන බවත්, ආණ්ඩුවෙන් ඉවත් වූ පසු තවත් ආකාරයකට සලකන බවත් මෙහිදී මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා.
මේ අතර, සදහම් සෙවන ධර්මායතනය අල්ලා ගැනීමට දරන උත්සාහය හෙළා දකින බවයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම ධර්මායතනයේ අතුරලියේ රතන හිමියන් ඇතුළු විසිපස් නමක් මහා සංඝරත්නය වැඩවාසය කරන බවද එහි දැක්වුණා.