අම්බලන්තොට නෝනගම මං සන්ධියේදී ටිපර් රථයකට යට වීමෙන් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට නෝනගම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 70 ක් වන අමදෝරු ගලප්පත්තිගේ ආරියදාස නමැති තිදරු පියෙකි.
ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ බලපත‍්‍ර රහිතව වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, නෝනගම මං සන්ධියේ රාජකාරී කටයුත්තක් සඳහා පැමිණි හුංගම පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු දැක ටිපර් රථයේ රියැදුරු කලබලයට පත් වී ටිපර් රථය නවත්වා නැවත පසුපසට ධාවනය කිරීමේදී මාර්ගයේ ගමන්ගත් යතුරුපැදිකරු ටිපර් රථයට යටවී ඇත.
අනතුරුව ප‍්‍රදේශවාසීන් ඒ අවස්ථාවේදී කෑ ගැසීමත් සමඟ ටිපර් රථයේ රියැදුරු නැවතත් ටිපර් රථය ඉදිරියට ගැනීමේදී යතුරුපැදිකරු දෙවන වරටත් ටිපර් රථයට යටවී ඇත.
අනතුරුව ටිපර් රථයේ රියැදුරු පලා ගොස් ඇති අතර අම්බලන්තොට පොලිස් බල ප‍්‍රදේශයේ මායිම ආසන්නයේ මෙම මෙම අනතුර සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.