Tuesday, October 7, 2014

iPhone 6 එකේ අලුත්ම ලෙඩේ මෙන්න

මෑතකදී නිකුත්වූ ඇපල් අයි ෆෝන් 6 ප්ලස් දුරකථනය මෑතකදී ලොවපුරා වඩාත් කතාබහට ලක්වුයේ එය නැවී යාම හේතුවෙනි. මෙය අන්තර්ජාලය පුරා "බෙන්ඩ් ගේට්" නමින් ජනප්‍රිය විය. පළමුවරට අයිෆෝන් දුරකථනය නවා තිබුනේ "අන්බොක්ස් තෙරපි" නම් යුටියුබ්  චැනල් එකෙහි හිමිකරුවන අතර පසුව ඔහුට එල්ලවූ චෝදනා හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියේ මහමග සිටි කිහිපදෙනෙකු ඉදිරියේ අයි ෆෝන් දුරකථනයක් නවා පෙන්වා තිබුණි.
 
මෙම තත්වය හමුවේ ඇපල් සමාගම එම දෝෂය පිළිගත්තත් එය ඇතිවන්නේ ඉතාම කලාතුරකින් බව ප්‍රකාශකොට තිබුණි. තවමත් නොවිසිදුණු "බෙන්ඩ්ගේට්" ගැටළුව හමුවේ අයිෆෝන් දුරකතනයේ තවත් ගැටළුවක් පැන නැගී තිබේ. ඒ අයි ෆෝන් දුරකතනයෙන් ඇමතුම් ලබාගන්නා විට දුරකථනයෙහි බඳේ හා ඉදිරිපස වීදුරුව අතරතුර කොටසට බොහෝ දෙනෙකුගේ රැවුල හසුවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබීමයි.
 
අයිෆෝන් 6 දුරකථනය භාවිතා කරන සැලකියයුතු පිරිසකට මෙම ගැටලුවට මුහුණ පෑමට සිදුව ඇති අතර ඔවුන් මෙය හඳුන්වා ඇත්තේ "නිර්මාණයේ දෝෂයක්" ලෙසය. නව දෝෂය සමාජ ජාල තුල පැතිරෙනුයේ "හෙයාර්ගේට්" යනුවෙනි. 
Claims: Chad Coleman was one of the first people to raise the issue on Twitter after complaining that his 'scruff' was being ripped 
Anger: Scott Bilsky blamed the seam where the aluminium meets the glass on his hair being pulled out 
 
Scandal: Hairgate is the latest controversy following bendgate - where users said the phone was bending when it was placed in a skinny jeans pocket or sat on  
 
 
Response: The latest complaint led to some creating mock adverts, one was as a beard trimmer for men  
 
 
 
Smooth: Another involved a woman apparently shaving her legs using the iPhone 6
 
http://offair.nethfm.com