ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.
මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්‍රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැර තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා බවත් ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු මගින් ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා.
මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්‍රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight+ LED ද ඇතුළත්.
http://offair.nethfm.com















































