Facebook සිය වෙබ් අඩවියේ ඇති පුද්ගලික තොරතුරු ප්‍රමාණය වැඩිකරගැනීමට විවිධ උපක්‍රම එක්කරමින් සිටින බව කවුරුත් දන්නා කරුණකි.
මෑතකදී හඳුන්වා දුන් Ask බටනය මඟින් ඔබට ඔබේ මිතුරන්ගේ තොරතුරු අසා දැනගැනීමට ඇති හැකියාවත් ඒ සඳහා ගත් මුල් පියවරකි.
උදාහරණයක් ලෙස ඔබේ මිතුරෙකු සිය දුරකථන අංකය ෆේස්බුක් වෙත එක්කර නොමැති විට ඔබට මැසේජ් යවමින් දුරකථන අංකය අසා සිටින්නට අවශ්‍ය නැත.
ඒ වෙනුවට ask බටනය භාවිත කිරීමට හැකියාව තිබේ.
මෙහි නවතම හඳුන්වා දීම වන්නේ ඔබට ask බටනය යොදාගෙන යම් කෙනෙකුගේ relationship status එක ඇසීමට ඇති හැකියාවයි.
යම් හෙයකින් එම පුද්ගලයා පිළිතුරු දෙනවා නම් එය සියල්ලන්ටම පෙනෙන්නට
සලස්වනවාද නැතහෙත් ඔබට පමණක් පිළිතුරක් ලෙස ලබා දෙනවාද යන්න තීරණය කළ
හැකියි.
මීට පෙර මේ ask බටනය පැවතියේ රැකියාව, ජීවත් වන නගරය, දුරකථන අංකය වැනි දේ අසා දැනගැනීමට පමණි.
















































