වැඩ තහනමට ලක් වූ අවුරුදු තුනක දරුවකුගේ ගෙල බැදි රන් පංචායුධයක් කඩා
ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බළපිටිය මහේස්ත්‍රාත් අසංග
බෝදරගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 13 වන දින දක්වා රක්ෂිත
බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කාරියවසම් ගෝනපිනුවල විතානගේ චාන්දනී නැමැති හිටපු පොලිස් කාන්තාවකි.
අම්බලන්ගොඩ බෝධිය අසලදී දරුවාගේ ගෙල බැදි රන් පංචායුධය කඩා ගත් බවට
දරුවාගේ මව්පියන් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයේදී
සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක පරික්ෂා කිරීමේදී ඇය ඇද සිටි කලිසම්
සාක්කුවේ තිබී රන් පංචායුධය සොයා ගත් බවත් මේ කාන්තාව ව්‍යාජ සහතික
ඉදිරිපත් කොට පොලීසියට බැදීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ පොලිස්
නිලධාරීනියක් බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ය.
අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරික්ෂක නිරෝෂන් රූපසිංහ, පොලිස් පරික්ෂක
දමිත් ජයතිලක යන මහත්වරුගේ උපදෙස් මත අපරාධ අංශය සැකකාරිය අත්අඩංගුවට ගෙන
තිබුණි