Tuesday, October 28, 2014

ශ්‍රී දේවි නඩු දැම්ම "ශ්‍රී දේවි" හි පින්තූර.


Share Image
ShareShareShare
“මලීනා“ නමැති සිනමාපටයක කතා ආකෘතිය රැගත් රාම් ගෝපාල් වර්මාගේ "ශ්‍රී දේවි" චිත්‍රපටිය මේ වන විට ඉන්දියාවේ දැඩි ආන්දෝලනාත්මක චිත්‍රපටියක් බවට පත් වී තිබේ. ඒ එම චිත්‍රපටියේ නම ශ්‍රී දේවී ලෙස යොදා ගැනීමෙන් තම ප්‍රතිරූපයට අපහාසයක් සිදු වන බව පවසමින් බොලිවුඩයේ සිනමා නිළි ශ්‍රී දේවී රාම් ගෝපාල් වර්මාට එරෙහිව නඩු පවරා තිබීමයි.

ආන්දෝලනයට හේතු වූ අනෙක් සිදුවීම වන්නේ චිත්‍රපටියේ බොහෝ දර්ශන අසැබි බවක් පෙන්නුම් කරන බවත් එමගින් ළමුන්ට අනිසි බල්පෑම් සිදු වන බවට ඉන්දීය කාන්තා සංවිධාන චෝදනා එල්ල කිරීමයි.

මෙම චිත්‍රපටියට සම්බන්ධ කර ගත් ළමා නළුවාටද මින් අපහාසයක් වන බව පවසමින් ඇතැම් සංවිධාන උද්ඝෝෂණ විරෝධතා පවත්වනු දක්නට ලැබිණි.

 “සාවිත්‍රී“ යන නමින් මුලදී නිමැවුණ මේ චිත්‍රපටිය දැන් ශ්‍රී දේවී වීමෙන් පසුව එහි ඇතුළත් දර්ශන නරඹන්න ඉන්දියාවේ චිත්‍රපටි ලෝලීන් බොහෝ දෙනකු උනන්දුවක් දැක්වූ අත්‍ර මේ ඉන් ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක්.