ජොර්ජ් ස්කොට් සැම්සන් නම් 54 හැවිරිදි මෙම වෛද්‍යවරයා පසුගියදා තමන් යටතේ සේවය කළ හෙදියක් වන 50 හැවිරිදි කෙලී එකර් නම් කාන්තාව සමග විවාහ වී තිබේ.

මෙම විවාහ මංගල්‍යෙයෙන් පසු ඔවුන්ගේ නිවසේ සාදයක් ද පවත්වා ඇති අතර ඒ සදහා අමුත්තන් විශාල පිරිසක් එක්ව තිබේ.මෙම සාදය අතරතුරදී අළුත් මනාලයා සහ මනාලිය අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර එය තරමක් උණුසුම් වී තිබේ.මේ නිසාම සාදයට පැමිණි අමුත්තන් අළුයම 1.15 ට පමණ නික්ම ගොස් තිබේ.
අමුත්තන් නික්ම යාමෙන් පසු මෙම බහින් බස්වීම උණුසුම් වී ගැටුමක් බවට පත්ව ඇති බව වාර්තා වෙයි.
මේ අතරතුර අළුයම 1.20 ට පමණ 911 හදිසි ඇමතුම් සේවයට කෙලී එකර් ගෙන් ඇමතුමක් ලැබී තිබේ.
911 - “ 911 මොකක්ද හදිසි සිදුවීම සිදුවන ලිපිනය ?“
කෙලි - “4205 උතුරු කර්ල් ප්‍රෙද්ශයේ“
911 - “මොකක්ද සිදුවීම ?“
කෙලී - “ මගේ සැමියා මට පහර දෙනවා “
911 - “කවුද ඔබේ සැමියා “
කෙලී - “ස්කොට් සැම්සන් - ඔහු ළග තුවක්කුත් තියෙනවා “(ඇමතුම විසන්ධි විය)
ඉන් අනතුරුව 911 වෙතින් ඇයට ඇමතුමක් ගත්තද එම ඇමතුම ලබාගත් කෙලී දුරකථනය පසෙකින් තබා තිබේ.
ඊට විනාඩි කිහිපයකට පසු යළිත් ඇමතුමක් ලැබී තිබේ
කෙලී - “ උදව් කරන්න “
911 -“හදිසි සිදුවීම සිදුවන ලිපිනය ?“
කෙලී - “4205 උතුරු කර්ල්“
911 - “ හරි 4205 ............
කෙලීට බාධා කරනු ඇසී තිබේ.
කෙලී - “අනේ දෙවියනේ “
(වෙඩි ශබ්ද කිහිපයක් ඇසී තිබේ)
පසුව හදිසි ඇමතුම් සේවාවට අනුව ක්‍රීයාත්මක වු පොලිසිය මෙම නිවසට යනවිට දෙදෙනාගේ මළ සිරුරු දෙක දක්නට ලැබුණු බව වාර්තා වෙයි.මෙම විවාහයට පැමීණි ඔවුන්ගේ සමීප හිතවතුන්ගෙන් කළ විමසීම් වලදී හෙළිව ඇත්තේ දෙදෙනා අතර මුදල් පරිහරණය සම්බන්ධයෙන් මත භේදයක් තිබුනු බව තමන්ට කිව හැකි බවයි.“මගේ සල්ලි අල්ලන්න එපා “යැයි සැම්සන් විසින් කෙලීට තර්ජනය කරනු තමන්ට ඇසුනු බව ඇතැම් අමුත්තෝ සදහන් කර තිබේ.

.