Wednesday, October 8, 2014

නැටුම් ගුරාගේ බීමත් වන්නම

වරල්ල ප‍‍්‍රදේශයේ උපකාරක පංතියක නැටුම් ගුරුවරයෙක් පාසල් වියේ පසුවන දරුවන් පිරිසකට මත්පැන් පානය කරවා ලිංගික අපයෝජනය කර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

එම උපකාර නැටුම් ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කොස්මෝදර පොලීසිය  පරික්ෂණ ආරම්භ කර තිබේ.

කොස්මෝදර පොලිස් බල ප‍‍්‍රදේශයේ පාසල් වියේ  පසුවන වයස අවුරුදු 13, 14 වියේ  පසුවන ළමයින් හත් දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම කරුණු ආනාවරණය වී තිබේ.

මොවුන් අත්අඩංගුවට ගන්නා විට අධික ලෙස බීමත්ව සිට ඇත.