Thursday, October 9, 2014

දැන් නම් මෙහෙමයි

දැන් නම් මෙහෙමයි

එක මුළුතැන් ගෙයක රැජනන් දෙදෙනකුට රජ කළ නොහැකි නමුත් බොලිවුඩ් තිරයේ නම් සමගියෙන් සමාදානයෙන් නව පරපුරේ කුමරියන් තිදෙනකුම වාසය කරයි. ඒ ශ්‍රද්ධා කපූර්, අලියා බාත් සහ පරිනීතා චොප්රාය. ශ්‍රද්ධා පවසන අන්දමට ඔවුන් තිදෙනා අතර ඇත්තේ පුදුමකාර සමගියකි. අලියා මෙන්ම පරිනීති ද වෙනස් රංගන කුසලතාවලින් පිරි අය බව ශ්‍රද්ධා පවසන්නීය. තිදෙනා අතර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න අරගලයකි. තිදෙනාම කාර්යයබහුලය.
බොලිවුඩයේ නිළියන්ට වඩා නළුවන් ඕපාදූප දොඩවන බව ශ්‍රද්ධා නොබියව පවසන්නීය. නිළියන්ගේ සීතල යුද්ධ ගැන නිරන්තර කථාබහ වුව ද නළුවන් අතර ඇති යුද්ධ ඊට වඩා උණුසුම්ය. ඔවුන් ගැන වැඩිපුර කථාබහ නොකෙරෙන්නේ සියල්ල කරන්නේ හොර රහසේ නිසා බව ශ්‍රද්ධාගේ අදහසයි.
මේ දිනවල ‘හෙයිඩර්’ සිනමාපටයේ ‘දෝ ජාහාන්’ ගායනය නිසා ශ්‍රද්ධාගේ ගායන කුසලතාව ගැන ද බොහෝ දෙනෙක් කථා කරති.