Saturday, August 23, 2014

ඕකට මම කියන්නේ අවස්‌ථාව තේරුම් ගැනීම කියලයි...

ඕකට මම කියන්නේ අවස්‌ථාව තේරුම් ගැනීම කියලයි...
විශාකා සිරිවර්ධන

විශාකා සිරිවර්ධන හැඳින් වුණේ සිනමාවේ සිටි උසම නිළිය ලෙසය. එහෙත් ඇය සතුව සුවිශේෂතා බොහොමයක්‌ විය. රඟපෑමට පිවිස වසර පහක කාලයක්‌ තුළ සම්මානයන්ට පාත්‍ර වෙමින් ක්‍රියාදාම චිත්‍රපටවල සේම චරිතාංග නිරූපණයෙහිදී ඇය දැක්‌ වූ දක්‍ෂතා බොහෝ විය. කරට කර රඟපෑම කියන්නට මේ සතියේ අප සමග එක්‌වන්නේ ඇයයි.
 

රොබින් ප්‍රනාන්දු මහත්තයා අපිට මාසයක්‌ විතර හමුදා පුහුණුවට සමාන පුහුණුවක්‌ ලබා දුන්නා. එතකොට අපි තුන්දෙනාගේ විවිධ දක්‍ෂතා මතුවෙන්න ඕන නිසා හැකි උපරිමයෙන් අනෙකා අභිබවා යැමට තරම්ම රඟපෑවා. ඇත්තටම සුරදූතියෝ චිත්‍රපටයට ඕ. සී. අයි. සී. සම්මාන අටක්‌ ලැබුණා. එහි " සජීවී රඟපෑම්" උදෙසා සම්මානය ලැබුණේ මට. ඒක විශේෂ සම්මානයක්‌.

ප්‍රශ්නය - රංගන ක්‍ෂේත්‍රයට ආවේ කොහොමද?

පිළිතුර - උසස්‌ පෙළට ඉගෙන ගන්න කාලයේ ඉඳලම මම චිත්‍රපට බලනවා. මගේ සොහොයුරියන් එක්‌ක මම චිත්‍රපට බලන්න යනවා. මාලිනි, විජය ඉන්නා චිත්‍රපට බලන්න බොහෝ ප්‍රිය කළා. ඒ අතරවාරයේ එක දවසක අපේ ගමේ තිබ්බ රූගත කිරීමක්‌ බලන්න අපි ගියා. ඒකට ඇවිත් හිටියේ වසන්ති චතුරානි හා ආනන්ද වික්‍රමගේ. ඒ වසන්ති ගඟ අද්දර කරපු කාලේ. කොහොම හරි ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න හැදුවත් ඒකට අවස්‌ථාවක්‌ ලැබුණේ නෑ. පස්‌සේ කාලෙක සිරි කුලරත්න කියන අධ්‍යක්‍ෂවරයාගේ මල්ලී මට කිව්වා එයාගේ අයියා අලුත් චිත්‍රපටයක්‌ කරනවා ඒකට මාලිනී ෙµdන්සේකාගේ යාළුවාට රඟපාන්න අලුත් ගැහැනු ළමයෙක්‌ හොයනවා කියලා. කෙසේ හෝ මට ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්‌ථාවක්‌ ලැබුණා. චිත්‍රපටය "අනුරාධා".

ප්‍රශ්නය - කොහොම හරි පළමු චිත්‍රපටයෙන්ම ප්‍රවීණයන් සමග රඟපාන්න අවස්‌ථාවක්‌ ලැබුණා නේද?

පිළිතුර - ඇත්තටම ඔව්..... ක්‍ෂේත්‍රයට ඇවිත් ඉතාම ඉක්‌මනින් මට ලැබුණ චිත්‍රපටවලදී ප්‍රවීණයන් රැසක්‌ මුණ ගැහුණා.

ප්‍රශ්නය - නම් වශයෙන් කිව්වොත්

පිළිතුර - මාලිනී ෙµdන්සේකා මහත්මිය, සබීතා පෙරේරා, මැණික්‌ කුරුකුලසූරිය, ජයසේකර අපොන්සු, ක්‌ලීටන් මෙන්ඩිස්‌, ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක, ආදීන් ගැන සිහිපත් කරන්න ඕන.

ප්‍රශ්නය - කරට කර රඟපෑම් ගැන මොකද හිතන්නේ.

පිළිතුර - ඇත්තටම "කරට කර" රඟපෑම් කියනවට වඩා මම කැමතියි අවස්‌ථාව තේරුම් අරගෙන රඟපෑම කියලා ඒ ක්‍රියාවලිය හඳුන්වනවා නම්. මොකද අපි රඟපාන්න ඕන පිටපතට සහ අධ්‍යක්‍ෂවරයාට අනුවනේ.

ප්‍රශ්නය - තමන්ගේ භූමිකාව ගැන අවබෝධයක්‌ තියෙන්න ඕන නේද?

පිළිතුර - ඔව්. ඒත් අපි අධ්‍යක්‍ෂවරයා නිර්මාණය ගැන හිතන ආකාරය ගැනත් දැනුවත් විය යුතුයි.

ප්‍රශ්නය - එහෙම රඟපෑ අවස්‌ථා තියෙනවාද?

පිළිතුර - මට සබීතා පෙරේරා මුණ ගැහෙන්නේ මගේ දෙවැනි චිත්‍රපටය වන "සනසන්න මා" චිත්‍රපටයේදී. එහි මම චරිත දෙකක්‌ කරනවා. සබීතත් මමත් සමකාලීනයන් වුණාට එයා මට වඩා පරිණතයි. ඉතිං ඇය සමග රඟපාද්දී ඇත්තටම ඒ චරිත අවබෝධ කරගෙන සාධාරණය ඉෂ්ට කරන්න වුණා.

ප්‍රශ්නය - කරට කර රඟපානවා කියන්නේ ඒකට නේද?

පිළිතුර - මගේ නිර්වචනය ඒක නොවෙයි. ඒත් එහෙම කියමු.

ප්‍රශ්නය - සටන් පිරුණු චිත්‍රපට කිහිපයක රඟපෑවා නේද?

පිළිතුර - ඔව්....

ප්‍රශ්නය - ඒ චිත්‍රපටවලදී කරට කර රඟපෑවාද?

පිළිතුර - අනිවාර්යයෙන්ම සුර දූතියෝ, අසිපත මමයි ... චිත්‍රපටවලදී කරට කර රඟපාන්න වුණා. සුරදූතියෝ චිත්‍රපටයේ චරිත තුනක්‌ තිබුණා. මම, රෝසි සේනානායක, අකුෂ්ලා සෙල්ලයියා, තුන් දෙනාම එක විදිහට සටන් ඉගෙන ගත්තා.

රොබින් ප්‍රනාන්දු මහත්තයා අපිට මාසයක්‌ විතර හමුදා පුහුණුවට සමාන පුහුණුවක්‌ ලබා දුන්නා. එතකොට අපි තුන්දෙනාගේ විවිධ දක්‍ෂතා මතුවෙන්න ඕන නිසා හැකි උපරිමයෙන් අනෙකා අභිබවා යැමට තරම්ම රඟපෑවා. ඇත්තටම සුරදූතියෝ චිත්‍රපටයට ඕ. සී. අයි. සී. සම්මාන අටක්‌ ලැබුණා. එහි " සජීවී රඟපෑම්" උදෙසා සම්මානය ලැබුණේ මට. ඒක විශේෂ සම්මානයක්‌.

සසර ෙච්තනා චිත්‍රපටයෙත් ඒ වගේම චරිතයක්‌ කළා. එහිදී මට නැගී එන හොඳම නිළියට හිමි සරසවි සම්මානය ලැබුණා.

මම මාලිනී අක්‌කා ගැන විශේෂයෙන් මතක්‌ කරන්න ඕනෑ. කුරුණෑගල හිටපු මාව කොළඹ ගෙනැවිත් නවාතැන් දීලා බොහෝ සෙයින් උදවු උපකාර කළේ මාලිනී අක්‌කා. කෙසේ හෝ මම රංගන ක්‍ෂේත්‍රයෙන් වසර ගණනාවක්‌ ඈත් වී හිටියා.

ප්‍රශ්නය - ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයෙත් එවැනි අවස්‌ථා ගණනාවක්‌ උදාවුණා. නේද?

පිළිතුර - ඔව්..... මගේ වාසනාවකට වගේ ගොඩක්‌ හොඳ නිර්මාණ ගණනාවකට දායක වුණා. ඒ අතරින් පාට වීදුරු, සුද්දහාමි වැනි ටෙලි නාට්‍යවල චරිත මට අමතක කරන්න බෑ. සුද්දහාමි ටෙලි නාට්‍යයේ මම දැඩි ලෙස වෙහෙස වන හේනක වැඩ කරන.... ඒත් බලපෑම් වලට යටත් නොවන ඉදිරියට යන චරිතයක්‌ කළා. ඉසුරු ගිරි චිත්‍රපටයෙත් එහෙමයි.

ප්‍රශ්නය - කරට කර රඟපෑම්ද?

පිළිතුර - ඔව්..... මම රඟපාන හැම ටෙලි නාට්‍යයකම ඉතාම සංකීර්ණ චරිත ලැබුණේ. එතකොට අනිත් චරිත සමග එකට පෑහෙන ඒ චරිත හා මගේ චරිතය අතර සමබරතාවක්‌ රඳවාගෙන රඟපාන්න සිද්ධ වුණා.

ශිරෝමී මාපා