කැලණිය නිජ බිම කරගත් නුවන් ගුණතිලක නොහොත් කුඩු නුවන් යනු අංක එකේ පාතාල සාමාජිකයෙකි. කුඩු නුවන් යනු පාතාල නායකයකු වූ "ප‍්‍රින්ස් කොලම්"ගේ ලඟින්ම සිටි ගෝලයෙකි.
දෙමළ සහ මුස්ලිම් පාතාලයන් මර්දනය කොට කොළඹ නගරය පුරා සිංහල පාතාලයක් බිහි කිරීමේ ක‍්‍රියාන්විතයක යෙදුණු ප‍්‍රින්ස් කොලම්, 2007 ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් දින රාත‍්‍රියේ දී මැරුම් කෑමෙන් අනතුරුව කුඩු නුවන් විසින් තමාගේම කියා පාතාල කල්ලියක නායකයා බවට පත්වී තිබුණි.
කුඩු නුවන් හට දේශපාලන රැකවරණය සපයනු ලැබුවේ අමාත්‍යය මර්වින් සිල්වා විසින් වන අතර රූපවාහිනියේ එකල ප්‍රවෘති අධ්‍යක්ෂකවරයාට පහරදුන් පසු නීතියෙන් ගැලවී සිටීමට උදව්කොට තිබුනේ මර්වින් සිල්වා වේ.
කුඩු නුවන්ට බන්ධනාගාරය සිය නිවෙසට වඩා සැපපහසු තැනක් වන්නේ රිමාන්ඩ් බනධ්නාගාරය තුල ඔහු දිනකට ලක්ෂ ගණනක ආදායම උපයන හෙයිනි.
කුඩු නුවන්ගේ මෙහෙයවීම මත බන්ධනාගාරයේ සිට අධිකරණවලට සහ බන්ධනාගාරයෙන් පිටත වැඩවලට රැගෙන යන රැඳවියන්ගේ රහස් ප්‍රදේශවල සඟවා බන්ධනාගාරයට රැගෙන එන මත්කුඩු බන්ධනාගාරය තුළ අලෙවි කරන අතර ජාවාරමේ දිනක ආදායම ලක්‍ෂ දෙකක් පමණ වන බව එකල බුද්ධි අංශ නිලධාරින් විසින් හෙළිකොට තිබුණි.
මෙතෙක් නිදැල්ලේ සිට කුඩු ජාවාරම මෙහෙයවූ කුඩු නුවන් අද සිට නැවතත් බන්ධනාගාරයේ සුපුරුදු වෘතිය ආරම්භ කරනු ඇත.



