Tuesday, August 26, 2014

මට හිටපු පෙම්වතුන් ගාන පත්තරේට මොකටද? - පියුමි බොතේජු


http://www.rivira.lk/online/images/2014/08/24/piyumi%20botheju%201.jpg
පියුමි බොතේජු කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන කෙනෙක්. ඈ ගැන පසුගිය කා‍ලේ අලුත් ආරංචිත් ලැබුණා. අපි පියුමිට කතා කළේ අලුත් ආරංචි ගැන දැනගන්නත් එක්ක. පියුමිගේ මේ උත්තරවල අලුත් ආරංචි, පරණ කතා වගේම පියුමිගේ සිතිවිලිත් තියෙනවා.
මම
නම - පියුමි ශානිකා බොතේජු
වෙනත් නම් - පියුමි බොතේජු
ගම - කළුබෝවිල
වයස? (කැමැති නම්) - උපන් දිනේ නම් අගෝස්තු 11
එක පේළියකින් තමන්ව විස්තර කරන්න - හිත හොඳ, විනෝදයට බර කෙනෙක්.

කලාව
ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කරපු ලොකුම දේ - පුද්ගලික ජීවිතේ තමයි. ඇත්තටම පුද්ගලික ජීවිතයක් නැති තරම්.
තමන්ගේ කැමැති රංගනය - පබා කතාවේ හිමාලි.
තමන්ගේ අසාර්ථකම රංගනය - අසාර්ථකයි කියන්න පුළුවන් රංගනයක් කරලා නැහැ.
ක්ෂේත්‍රයේ වැඩිපුරම විශ්වාස කරන කෙනා - කාවවත් ගොඩක් විශ්වාස කරන්නේ නැහැ.
තමන්ට තරගයක් කියලා හිතෙන නිළිය - මට තරගයක් විදිහට දැනෙන්නේ මාවමයි. මම වෙන කවුරුත් එක්ක තරග කරන්නේ නැහැ.

ජීවිතය
පෙම්වතුන් කීදෙනෙක් ඉඳලා තියෙනවාද - ඒක ඕන නැහැ. ඒක මොකටද
ආදරේ නිසා රැවටිලා තියෙනවාද - ආදරේ නිසා ඕනෑම කෙනෙක් රැවටෙන්න පුළුවන්. මමත් එහෙම රැවටිලා තියෙනවා.
එකපාර දෙතුන් දෙනකුට ඇත්තටම ආදරේ කරන්න පුළුවන්ද - කොහොමටවත්ම බැහැ.
දැන් පෙම්වතෙක් ඉන්නවාද - ඉන්නවා. ඒ තමයි මගේ අම්මා, තාත්තාගෙන් පස්සේ මාව හොඳටම තේරුම් ගත්තු කෙනා. මේ අවුරුද්දේ අන්තිම හරි ලබන අවුරුද්දේ හරි විවාහවෙනවා.
රන්ජන් රාමනායකගෙන් ආදර යෝජනාවක් ලැබුණොත් - මට දැන් ලැබිලා තියෙන කෙනා ඇරුණාම වෙන කවුරුත් ඕන නැහැ.

ආදරය
ආදරය අන්ධයිද - සමහර වෙලාවට ආදරය අන්ධයි
පාසල් ප්‍රේමය ගැන මොකද හිතන්නේ - ඒක පාසල් කාලෙට තරගෙට වෙන දෙයක්. යාළුවාට පෙම්වතෙක් හිටියොත් තමන්ටත් ඕන වෙනවා.
පාසල් ප්‍රේමයක පැටලිලා තියෙනවාද - අ‍පෝ නැහැ. මම ඒ කා‍ලේ කොල්ලෙක් වගේ. ඒ නිසා කොල්ලෝ මගේ දිහා බලන්නේවත් නැහැ.
කලා ලෝකයේ අනියම් සබඳතා වැඩිද - කලා ලෝකයේ විතරක් ‍නෙවෙයි දැන් කා‍ලේ හැම ක්ෂේත්‍රයකම වගේ අනියම් සබඳතා වැඩියි.
විවාහක ගැහැනු-පිරිමි අනියම් සබඳතාවල පැටලෙන්නේ ඇයි - තමන්ගේ සහකරු හෝ සහකාරියගේ වුමවනා එපාකම් අනිත් කෙනා තේරුම් නොගන්න නිසා.

දවස
ෙදෙනික ජීවිතයේ නැතුවම බැරි දේවල් තුනක් - නින්ද, විනෝදය, කෑම
මාසෙක රූපලාවණ්‍ය වියදම කීයද - මම ගැන දන්න අය දන්නවා රූපේ ලස්සන කරගන්න මම වියදම් කරන්නේ නැහැ කියලා. හැබැයි මම නේල් ආර්ට්වලට කැමැතියි. ඒකට නම් වියදම් කරනවා.
පෙනුමේ වෙනසක් කරගන්න වරයක් දුන්නොත් මොකද කරන්නේ - මගේ මූණට, මගේ ඇඟට, මේ පෙනුමට මම පුදුම තරම් ආදරෙයි. මොන වරය ලැබුණත් මම මේ පෙනුම වෙනස් කරගන්නේ නැහැ.
මිනිස්සු වයසට යන එක ගැන මොකද හිතන්නේ - ඒක ඉතින් කාටවත් කොයි විදිහටවත් නතර කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි.
කාට හරි වෙච්ච ලොකුම වැරැද්ද මොකක්ද? - මම හිතා මතා නම් කාටවත් වැරදි කරලා නැහැ.

සාදය
පසුගිය උපන් දින සාදයේ වියදම කීයද - මම උපන් දිනේට පාටි දාන්න වියදම් කරන්නේ නැහැ. මට හම්බවුණේ සප්‍රයිස් පාටියක්. මම උපන් දිනේට කරන්නේ මන්ද බුද්ධික දරුවෝ ඉන්න නිවාසයකට දානයක් දෙන එක.
ඒ සප්‍රයිස් පාටියේදී ලැබුණු තෑගිවලින් අකැමැතිම තෑග්ග - ලැබුණු හැම තෑග්ගටම කැමැතියි.
සාදයට ආරාධනා කරද්දී හිතාමතාම මග හැරියේ කාවද - වැඩි දෙනකුට කිව්වේ නැහැ. මම  ක්ෂේත්‍රයේ ළඟින්ම ඉන්න අයට විතරයි එන්න කිව්වේ.
ආරාධනා කරලත් ආවේ නැති අය හිටියද - මම එන්න කියලා කියපු, මම කැමැති, මට හිතවත් හැමෝම ආවා.
මේ පාර උපන් දිනේට ලැබුණු වටිනාම දේ - පෙම්වතාගෙන් ලැබුණු මුද්ද.
නෙලූෂා සිල්වා
ඡායාරූප- මධුසංඛ සිරිවර්ධන

courtesy to www.rivira.lk'
http://www.rivira.lk/online/images/2014/08/24/piyumi%20botheju%202.jpg