Thursday, August 14, 2014

රන්ජන් රාමනායකගෙන් සංගීත කණ්ඩායමක්

 සිනමාවේ වීරයාගේ චරිතයට තවමත් පණපොවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමාගේම කියා සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සංගීත කණ්ඩායම රන්ජන් විසින් නම්කොට ඇත්තේ "නාසා" ලෙසය.

රන්ජන් රාමනයාක මැතිවරණ වේදිකාවේ ගීත ගායනාකොට ඇති අතර ඉන් දයාසිරි ජයසේකරට තරම් ප්‍රසාදයක් දිනාගත හැකිවුයේ නැත.

කෙසේ වෙතත් ඉදිරියේදී රන්ජන් විසින් පිහිටවනු ලැබූ නාසා සංගීත කණ්ඩායම සමග ලංකාව පුරා පැවැත්වෙන සංගීත සංදර්ශන බාරගැනීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.

රන්ජන් රාමනායක ප්‍රමුඛ නාසා සංගීත කණ්ඩායම පළමුවරට එළිදකින්නේ හෙට ආණමඩුව නගරයේ ද.මු. දසනායක ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයකිනි