Friday, August 22, 2014

නංගී මැරූ අක්කා බන්ධනාගාරයට

සිය සහෝදරියගේ පිහි ඇනුමකින් මියගිය බව කියන බඩල්කුඹුරේ 6 හැවිරිදි දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල රෝහලේදී අද සිදුකෙරුණා. එහිදී හෙළිකර ගැනුණේ එම දැරියගේ සිරුරේ කැපුම් පහරවල් 12ක් දක්නට ඇති බවයි.
 
ඒවායින් 4ක් මාරාන්තික ඒවා බව ද අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙනවා. සැකකාර සහෝදරිය 14 වන වියේ පසුවන්නියක්. එම දැරිය මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නියෝග කෙරුණේ ඇය ලබන මස 5 වෙනිදා දක්වා පරිවාස භාරයට පත් කිරීමටයි.
 
සෙසු සැකකරුවන්ගෙන් වෙන්කර, ඇය වෙනම කුටියක රඳවා තබන්නැයි ද එහිදී නියෝග කෙරුණා. අදාළ ඝාතනය සිදුවූයේ පෙරේදා දිනයේයි. තමන්ට වඩා පියා තම නැගණියට ආදරය කරන්නේ යැයි සැකකාර සහෝදරියට ඇති වූ කෝපය ඊට හේතු වී ඇතැයි මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.