Tuesday, August 26, 2014

රන් දේදුන්නක් නිසා මගේ හීනය සැබෑවුණා - සිනමාවට එක්වන අලුත්ම දඟකාරිය නතාෂා


http://www.rivira.lk/online/images/2014/08/24/nathasha-satharasinghe%201.jpgනතාෂා සතරසිංහ නම ඔබට හුරුපුරුදු නැති වුණත් මේ දිනවල ගීත රූපරචනා කිහිපයකට රංගනයෙන් දායක වන නිසා ජනප්‍රිය චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. නිරූපිකාවක්, නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස භූමිකා නිරූපණ කරන ඇගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. පසුගිය දවස්වල රූගත කිරීම් තිබුණ නිසා ගොඩක් කාර්යබහුලවෙලා හිටියේ.

චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
දෙරණ නාලිකාවේ ගිය වසරේ මිස් ශ්‍රී ලංකා තරගයේ දෙවැනි ස්ථානය ලැබුණේ මට. ඒ තරගයේදී තමයි රොෂාන් රණවන අයියා මාව දැකලා නලින් රාජපක්ෂ අයියාට මම ගැන කියලා තියෙන්නේ. රන් දේදුන්නක් නාට්‍යයේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන්නේ නලින් අයියා. මට කීවා චිත්‍රපටයක් තියෙනවා කැමැතිද කියලා. ඒ කතාව කීවා. එහෙම තමයි මට රන් දේදුන්නක් චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබෙන්නේ.

නතාෂාගේ පළමු චිත්‍රපටය ලෙස කොහොමද ඒ ලබපු අත්දැකීම?
මට තිබ්බේ ජනමාධ්‍යවේදිනියක් ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කරන්න. මම තාම රංගනයට අලුත් කෙනෙක්. ඒ නිසා ඒ චරිතය ලොකු අභියෝගයක් වුණා. මම හිතනවා මම ඒ අභියෝගය භාරගත්තා කියලා.

රොෂාන් රණවනයි, ඔබයි නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කොහොමද ඔහුගෙන් ලැබුණු සහයෝගය?
රොෂාන් අයියාගෙන් ලොකු සහගෝයක් ලැබුණා. මට කියලා දුන්නා. ඒ වගේම චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු කුමාර තිරිමාදුර, සුසිලා කෝට්ටගේ යන ප්‍රවීණ රංගන ශිල්පිනියන්ගෙන් ලොකු සහයෝගයක් වගේම හැමදේම කියලා දුන්නා.

දිගටම සිනමාවට සම්බන්ධ වෙන්න කැමැත්තෙන්ද ඉන්නේ?
ඔව්. මම කැමැතියි දිගටම සිනමාවේ රැඳෙන්න. ඒක මගේ ලොකු හීනයක්. ඉතින් ඒ හීනේ රන් දේදුන්නක් චිත්‍රපටය නිසා සැබෑවුණා.

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ටෙලි නාට්‍යවලට ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඒත් සිනමාවෙන් ඉස්සරහට යන්න ආසාවෙන් ඉන්න නිසා ලැබෙන හැම නාට්‍යයක්ම භාරගන්නේ නැතුව හොඳ නිර්මාණයක් විතරක් ලැබුණොත් භාරගන්න තීරණය කළා.

රංගනය, නිරූපණය, නිවේදනය යන අංශ තුනෙන් වැඩියෙන්ම කැමැති?
මම නිරූපණය නිසා තමයි රංගනයට එකතු වෙන්න පුළුවන් වුණේ. ඒ හරහා නිවේදනයටත් අවස්ථාව ලැබුණා. මම ඒ අංශ තුනටම එක වගේ කැමැතියි.

මේ සියලු දේ කොහොමද කළමනාකරණය කරගන්නේ?
නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ සතියට එක වතාවයි. නිරූපණය වගේම රංගන වැඩකටයුතු සමබරව කරගෙන යනවා.
තිළිණි මධුවන්ති
ඡායාරූප-චමිල කරුණාරත්න

courtesy to www.rivira.lk'
http://www.rivira.lk/online/images/2014/08/24/nathasha-satharasinghe%204.jpg
http://www.rivira.lk/online/images/2014/08/24/nathasha-satharasinghe%203.jpg
http://www.rivira.lk/online/images/2014/08/24/nathasha-satharasinghe%202.jpg