සුගත්
සමරකෝන්ගේ අධ්‍යක්ෂණයක් සහ ගයාන් රණධීරගේ නිෂ්පාදනයක් වන “ඇහැළේපොළ
කුමාරිහාමි” චිත්‍රපටය ගැන සිනමාලෝලීන්ගේ අවධානය යොමුවුණේ එහි ප්‍රදර්ශනය
ඇරඹෙන්නටත් කලකට පෙර සිටය. ඊට හේතුව වූයේ එම චිත්‍රපටයේ බෙදාහැරිය හැකි
පිටපත් ගණන පිළිබඳව එහි නිර්මාණකරුවන් සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ
සභාපතිවරයා අතර ඇතිව තිබූ මත ගැටුමය. මෙසේ ඇතිවූ ඉහළ අවධානය හේතුවෙන්
ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය සිනමාලෝලීන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගන්නා
චිත්‍රපටයක් වනු ඇති බවට අනාවැකි පළව තිබුණි.
ඇහැළේපොළ කුමාරිහාමිට බලාපොරොත්තු වූ තරමේ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිවුණාද ?
ඇහැළේපොළ කුමාරිහාමි ආර්ථිකමය වශයෙන් අසාර්ථකයි. විජය කුවේණි චිත්‍රපටය ප්‍රේක්ෂකයන් 13,85000ක් නැරඹුවා. ඇහැළේපොළ කුමාරිහාමි නරඹලා තියෙන්නේ 6,58,000යි. ඒ කියන්නේ විජය කුවේණිට වඩා ඇහැළේපොළ කුමාරිහාමිට 50කින් ප්‍රේක්ෂක පිරිස අඩුයි. දැනට මේ චිත්‍රපටයෙන් මට හයකෝටි අසූලක්ෂයක් පාඩුයි. ලැබෙන්න තියෙන මුදලුත් ප්‍රදර්ශන මණ්ඩල වලින් හරියට ගෙවන්නේ නෑ.

ඒත් තවමත් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවාද ?
දවස් 75ක් ප්‍රදර්ශනය කරලා පළමු වටයේ ප්‍රදර්ශනය අවසන් වුණා. දැන් සී.ඊ.එල්. රිද්මා ඒකාබද්ධ මණ්ඩලයේ දෙවැනි වටයට ප්‍රදර්ශනය වෙනවා.

ඇයි ඇහැළේපොළ කුමාරිහාමිට පාඩු ලබන්න සිදුවුණේ ?
ලංකාවේ චිත්‍රපටයක් ආර්ථික වශයෙන් අසාර්ථක වෙන්න කාරණා නවයක් බලපානවා.

මොනවාද ඒ ?
එකක් තමයි ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට නරඹන්න ආර්ථික ශක්තියක් නැතිකම. අනෙක ඔවුන්ට චිත්‍රපට නරඹන්න වෙන්කරන්න කාලයක් නෑ. දිගින්දිගටම ඉතිහාස කතා නරඹලා ඒ චිත්‍රපට එපාවීමත් එක හේතුවක්. අනෙක තමයි අධ්‍යක්ෂවරු නිෂ්පාදන වියදම අඩුකරගන්න බලන්නේ නැහැ. සමහර අධ්‍යක්ෂවරු චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නත් කලින් ඩී.වී.ඩී. විකුණලා මුදල් උපයා ගන්නවා. සිනමා ශාලා නවීකරණය වෙලා නැති නිසා චිත්‍රපටයක් නරඹන්න ඇවිත් දුක්විඳින්න ප්‍රේක්ෂකයෝ කැමති නැහැ. තවත් කාරණයක් තමයි රූපවාහිනී නාලිකාවලින් නොමිලේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම. බෙදාහරින පිටපත් ගණන සීමා කිරීමත් ගැටලුවක්.

එතකොට “ඇහැළේපොළ කුමාරිහාමි” පාඩු ලැබුවේ ඔය අතරින් මොන කාරණා නිසාද ?
මගේ චිත්‍රපටය අසාර්ථක වෙන්න ඔය කාරණා සියල්ලම අඩුවැඩි වශයෙන් බලපෑවා.
හැබැයි ඔය කාරණා සියල්ල
තිබියදී, අධ්‍යක්ෂවරයා සහ ඔබ චිත්‍රපටයේ පිටපත් ගණන වැඩිකර ගන්නයි උත්සාහ
දැරුවේ. ඉල්ලු පිටපත් ගණන ලැබුණානම් චිත්‍රපටය පාඩු ලබන්නේ නැද්ද ? මගේ චිත්‍රපටය අසාර්ථක වෙන්න ඔය කාරණා සියල්ලම අඩුවැඩි වශයෙන් බලපෑවා.
අපි ඉල්ලලා තිබුණේ පිටපත් 55ක්. ඒත් ලැබුණේ පිටපත් 45යි. පිටපත් 55ම ලැබුණා කියලා මට ලාභ ලබන්න බැහැ. ඒත් පිටපත් 55ක් තිබුණා නම්
තවත් රුපියල් ලක්ෂ 180ක් විතර උපයාගෙන අලාභය අවම කර ගන්න තිබුණා.
ඔබ සිනමා කර්මාන්තයට පිවිසුණේ චිත්‍රපටවලින් ලාභ ලබන්න හිතාගෙනද ?
නැහැ. ලාභ ලබන්න හිතාගෙන නෙවෙයි මම චිත්‍රපට කර්මාන්තයට අතගැහුවේ. දහතුන් ලක්ෂයක් දෙනා නරඹලත් විජය - කුවේණි ලාභ ලැබුවේ නැහැ. ඒත් මම වියදම් කරපු මුදල ඒ චිත්‍රපටයෙන් උපයා ගත්තා.

ඇහැළේපොළ කුමාරිහාමිගේ අසාර්ථක බවට චිත්‍රපටයේ දුර්වලතාත් හේතුවුණා කියලා කීවොත් ?
ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ ගුණාත්මක බව විජය - කුවේණිටත් වඩා ඉහළ මට්ටමක තිබුණා. ඒත් සමහර අධ්‍යක්ෂවරු ඉන්දියානු දේවරූප කතා විදිහට ඉතිහාස කතා ඇතුළත් චිත්‍රපට හදපු නිසා දැන් ඉතිහාස කතා ප්‍රේක්ෂකයන්ට එපාවෙලා. අනෙක චිත්‍රපටවලින් දුක්ඛිත කතා නරඹන්නත් ජනතාව කැමැති නැහැ. ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයෙන් කියැවෙන්නෙත් ඉතිහාසයේ සිදුවුණු ඛිෙදවාචකයක් ගැනයි.

චිත්‍රපටයේ වැඩ පටන් ගන්නා විට ඔබ ඔය කාරණය දැනගෙන හිටියේ නැද්ද ?
ඉතිහාසය ගැන තොරතුරු චිත්‍රපටයකින් දැක ගන්න ප්‍රේක්ෂකයෝ ආසාවෙයි කියලයි හිතුවේ. ඒත් විජය - කුවේණි පෙන්වලා අවුරුදු 1 1/2ක් ඇතුළත ප්‍රේක්ෂක පිරිස 50කින් පහත වැටේවි කියලා හිතුවේ නැහැ.

යළිත් චිත්‍රපට නිෂ්පාදනය නොකරන බව ඔබ මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළා. ඔබ තවමත් ඉන්නේ ඒ ස්ථාවරයේමද ?
අනිවාර්යයෙන්ම ආයෙමත් චිත්‍රපට කරන්නේ නැහැ කියා 99ක විශ්වාසයක් එදා මට තිබුණා නම් අද මට 100 ක්ම විශ්වාසයි මම ආයෙමත් චිත්‍රපට කරන්නේ නැහැ කියලා. මොකද මේ පවතින තත්ත්වය තුළ චිත්‍රපට කරලා වැඩක් නැහැ. චිත්‍රපට කර්මාන්තය රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වාගෙන යා යුතු කර්මාන්තයක්. නමුත් ඒ සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා චිත්‍රපට කර්මාන්තයේ මළගම තමයි මේ උදාවෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්.

කොහොම නමුත්, ඇහැළේපොළ කුමාරිහාමි වැඩ කටයුතු හමාර වුණේ ඔබ සහ එහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් අතර විරසකයකින් ?
ඔහු සමග කිසිම ගැටලුවක් මට නැහැ. මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹිලා සුළු කාලයකින් ඔහු වෙනත් නිෂ්පාදකවරයෙකු සමග අලුත් චිත්‍රපටයක වැඩ ආරම්භ කිරීම නිසා ඔහුගේ සදාචාරාත්මක බව පිළිබඳව ගැටලුවක් විතරයි මට තියෙන්නේ, නමුත් ඒ සිදුවුණු දේ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. වෙන්න තිබුණු හානිය දැන් සිදුවෙලා ඉවරයි.

කිෂාන් කනංකෙ