Saturday, January 17, 2015

පද්මසිරි මට අතවර කලේ නෑ ලක්ෂිකා කියන කතාව

පද්මසිරිගේ අල්ලසින් හිට් වුණු ලක්ෂිකා දැන් කියන කතාව 

වසර ගණනක් තිස්සේ ලාංකීය චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන 'පද්මසිරි කොඩිකාර' තමාට අතවර කළ බවට එක්තරා පුවත්පතක පළකර ඇති පුවත අමූලික බොරුවක් බව යොවුන් නිළියක මෙන්ම නිරූපිකාවක ද වන ලක්ෂිකා ජයවර්ධන පවසා තිබුණි.

පද්මසිරි කොඩිකාර තමාට අතවර නොකළ බවත්, ඔහු උත්සහ කරනු ලැබුවේ තමන්ව හෝටලයකට රැගෙන ගොස් තමාගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට පමණක් බවද ඇය කීවාය. එමෙන්ම මේ පුවත නිවරදි කරන ලෙසට අදාල පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට තමා දැනුම් දුන්නද එය මෙතෙක් සිදු කර නොමැති බවද ඇය කියා සිටියාය.


කෙසේවුවද, මේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට අධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබෙන බැවින් අදාල පුවත්පත් කර්තෘවරයා විසින් තම චරිතයට කර ඇති හානිය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා ඊළඟ නඩු වාරයේ දී තමා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බවත් අය අවධාරණය කළාය.

එසේම අදාල පුවත එම පුවත්පතින් උපුටා ගනිමින් වෙබ් අඩවි රාශියක පලකර ඇති බැවින් තමා ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අපහාසයට වන්දි නඩුවක් ගොනු කරන්නේ ද යන්න පිළිබඳව සිතා බලන බවද ඇය පවසයි.