Saturday, January 17, 2015

අනියම් සැමියා එක්ක ඉද්දී හේනේ පැලකට ඇඳන් ගිහින් රැයක් පහන් වනතුරුම සමුහ ලෙස දුෂණය කරලා

අනියම් සැමියා එක්ක ඉද්දී හේනේ පැලකට ඇඳන් ගිහින් රැයක් පහන් වනතුරුම සමුහ ලෙස දුෂණය කරලා

සිවිල් ආරක්ෂක සෙබළකු සහ යුද හමුදාවෙන් පැනගිය අයකු එක්ව අනියම් පෙම් සම්බන්ධතාවයක් පැවැත් වූ ඇඟලුම් සේවිකාවක දූෂණය කිරීමේ පුවතක් නොච්චියාගම පොලිස් බල ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණි. මෙසේ සමුහ දුෂණයට ලක් වූ අනියම් බිරිය ඕලුවැව ගම්මානයේ පදිංචි තිස් දෙහැවිරිදි ඇඟලුම් සේවිකාවක වන අතර ඇය විවාහක දෙදරු මවකි.
එම ප්‍රදේශයේම පදිංචි දෙදරු පියකු වන සිවිල් ආරක්ෂක සෙබළකු සමඟ අනියම් පෙමක පැටලුණු ඇය ඉකුත් 12 වැනිදා සිය රාත්‍රි සේවා මුරය දහයට අවසන් වන බව සැමියාට පවසා අනියම් සැමියාගේ මිතුරකුට අයත් ගොරුවිල රූකඩ වැව ප්‍රදේශයේ පිහිටි උඳු හේනක පැලකට ගොස් ඇත.




හිතවත් සිවිල් ආරක්ෂක සෙබළාට අයත් එම පැලට තම අනියම් බිරිය සමඟ පැමිණෙන බව දන්වා ඊට අවසර ලබා ගෙන ඇති අනියම් සැමියා සවස පහට සේවා මුරය අවසන්ව සිය පෙම්වතිය යතුරුපැදියක නංවාගෙන එම පැලට ගොස් ඇත.

මඳ වේලාවකින් වෙනත් යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණි දෙදෙනකු තමන් පොලිස් නිලධාරීන් බව පවසා අනියම් සැමියාට හොඳහැටි පහර දී තිබේ.

පසුව පොලිස් ජීප් රිය මඟ නවතා ඇති බවත්, අනියම් සැමියා වූ සිවිල් ආරක්ෂක සෙබළාගේ යතුරුපැදිය රැගෙන යෑමට අවශ්‍ය බවත් පවසා එම දෙදෙනාගෙන් එක් අයකු අනෙකා අනියම් බිරියගේ ආරක්ෂාවට නවතා තබා අනියම් සැමියා රැගෙන ගොස් ඇත.

පසුව අනියම් සැමියා රැගෙන ගොස් ඔහුට යළි පහරදී ඇති එම පුද්ගලයා නැවත හේනට පැමිණෙද් දී ඇඟලුම් සේවිකාව ආරක්ෂා කිරීමට නතර වූ තැනැත්තා බලහත්කාරයෙන්ම ඇය දූෂණය කර ඇත.

පසුව අනියම් සැමියා රැගෙන ගිය පුද්ගලයා එම කාන්තාව යතුරුපැදියේ නංවාගෙන ඇත්තේ පොලිස් ජීප් රථයට රැගෙන යන බව කියමිනි. ඒ අතර තුර පහරකෑමට ලක්ව කැලේ සිටි අනියම් සැමියා හේනේ හිමිකරු වන සිය යහළුවාට දුරකතන ඇමතුමක් ලබාදී තමන් බේරා ගන්නා ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව ඔහුගේ මිතුරා තවත් අයකු සමඟ අදාළ ස්ථානයට ගොස් ඇති අතර, ඒ වනවිටත් පොලීසියෙන් බව පැවසු පුද්ගලයින් දෙදෙනා ඇඟලුම් සේවිකාව ද රැගෙන පලා ගොස් තිබුණි. පසුව ඇයව පොලිසියට රැගෙන යන බව පැවසු පුද්ගලයා ඇයව යතුරුපැදියේ නංවාගෙන ඇය වෙනත් හේනකට රැගෙන ගොස්, රාත්‍රී කාලයේ පටන් අලුයම් කාලය වන තෙක් ඇය එහි රඳවාගෙන අවස්ථා කිහිපයකදී බලහත්කාරයෙන් දූෂණය කර ඇත.

පසුවා ඔහු ඇය අලුයම් කාලයේ දී ඇය මුදාහැර ඇති අතර, උදේ 7.00ට පමණ අදාළ කාන්තාව බස් රථයක නැඟ පොලිසියට පැමිණ තිබේ. නොච්චියාගම පොලිසිය වෙත අලුයම පහට පමණ පැමිණි අනියම් පෙම්වතා සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


එම කාන්තාව පළමුව දූෂණයට ලක් කළ පුද්ගලයා සහ ඔහුගේ යතුරුපැදිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සිවිල් ආරක්ෂක සෙබළෙකි. මුළු රැයක් පහන් වන තුරු ඇය දුෂණයට ලක්කළ දෙවැනි පුද්ගලයා යුද හමුදාවෙන් පැන ආ සෙබළකු වන අතර, ඔහු අනියම් සැමියාගේ යතුරුපැදිය ද රැගෙන මේ වනවිටත් ප්‍රදේශය අතහැර පලාගොස් ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදු කරන බව ද පොලිසිය කියයි.

අදාළ කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක සෙබළා ඊයේ (14දා) උදෑසන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උභයනන්ද මහතාගේ මෙහෙයවීමෙන් කොස්තාපල්වරුන් වන පතිරණ (7014), නදීෂ (72664) හේරත් (33555) යන මහත්වරු මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරති.