Wednesday, January 14, 2015

ලස්සනට හිටිය විනූට මේ මොකද වුනේ ? හඬපටය මෙන්න


අද උදේම මුහුණේ ලොකු තුවාලයකුත් එක්ක අන්තර්ජාලයට නිකුත්වෙලා තිබුණු විනූගේ අමුතු ඡායාරූප කිහිපයක්  නිසා ඇයගේ රසික රසිකාවියෝ ගොඩදෙනෙත් අපෙන් ඇය ගැන ප්‍රශ්න කරන්න වුනා. ඒ නිසාම විනූට කරදරයක්වත් වෙලාද කියන දේ ගැන හොයලා බලන්න හිරු ගොසිප් අපි ඇයව සම්බන්ධ කරගත්තා.

හැබැයි එයානම් අපිට කතා කලේ හිනාවුනු කටහඬකින්. කොහොම වුනත් ලස්සනට තිබ්බ මූණේ ඡායාරූප ටිකක් එකපාරටම තුවාලයකුත් එක්ක එළියට ආව එක ගැන අපි ඇයගෙන් අහලා බැලුවා.


ළඟදි දවසක නිකුත්වෙන්න තියෙන Music Video එකකට තමයිලු මේ විදියට විනූ මූණ පුච්චාගෙන ඉන්නේ. ඇත්තටම පිච්චුනා වගේ පෙනුනත් ඒ මේක්අප් එකක් විතරක් නිසා බයවෙන්න දෙයක් නෑ කියලයි ඇය අපිත් එක්ක කීවේ. ඒ වගේම වෙනස් විදියේ චරිතයකුත් එක්ක කරළියට එන්න මේ වීඩියෝ එකෙන් පුලුවන් වෙයි කියලත් ඇය හිතනවලු.

විනූගේ සම්පූර්ණ කතාව පහතින් අහන්න..