Kick ෆිල්ම් එකෙන් මේ දවස් වල හුගාක් ජනප්‍රිය වෙලා ඉන්න Jacqueline Fernandez ට ලඟදි හරි වැඩක් වුනා.ඒ ගැන ඇයම Twitter හරහා කිව්වේ ගොඩාක් අපහසුතාවයට පත් වුනු අවස්තාවක් කියලා.
ගිය ඉරිදා,ඉන්දියාවේ පැවැත්වුණු Star Guild Awards 2015 හිදී, ඇය සැරසිලා හිටියේ ඉන්දියාවේ මෝස්‌තර නිර්මාණ ශිල්පියෙක් වන ගෞරව් ගුප්තා නිර්මාණය කරන ලද ලස්සන සුදු පැහැති ගවුමකින්.
ලස්සන වගේම,ගවුමේ ගානත් ඒ වගේම ලස්සනයි. ගවුම කොච්චර ලස්සන වුනත්,ගණන් වුනත්,වැඩක් වෙලා නෑ. ඇය මේ ගවුම ඇඳගෙන ඉඳලා තියෙන්නේ හරිම අපහසුවෙන්.
ඒ ගවුමේ දණහිස ප්‍රදේශය හරිම තදට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.ඒ නිසාම ඇයට අඩියක් තියලා අඩියක් ගන්න වත් බැරි වෙලා. හරිම අමාරුවෙන් හිමින් හිමින් රතු පලස මතින් ඇවිදගෙන ගිය Jacquelineට ඊටත් පස්සේ තමයි ලොකු ඇබැද්දියකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.
සම්මාන රාත්‍රිය පැවැත්වුණු ශාලාවට යන්න පඩි නගින්නත් සිද්ද වෙලා. ඇවිද ගන්නවත් බැරුව කොහොමද පඩි නගින්නේ?
ඒ වෙලාවේදී සම්මාන උළෙල සංවිධායකයෝ කිහිප දෙනෙක් ඇවිල්ලා ඇයව වඩාගෙන තමයි ශාලාවට ගෙනිහින් තියෙන්නේ.එහෙම යන්න වුනු එක හරිම අපහසුතාවයට පත් වුනු අවස්ථාවක් කියලා Jacqueline කියලා තිබුණා.


